Ubuntu තුල ISO images mount කිරීම

cdISO image එකක් කියන්නේ CD හෝ DVD එකක් අන්තර්ගතය compress කරලා සාදන තනි ගොනුවක්. බොහෝ විට මෙවැනි ගොනුවක් භාවිතා කරන්නේ නැවත CD හෝ DVD එකකට ලිවීමට. නමුත් CD/DVD එකක් ලඟ නැත්තන් අපිට මෙම ගොනුව විවෘත කර ගැනීමේ ගැටළුවක් එනවා. Windows තුලදී PowerISO වැනි මෘදුකාංග භාවිතා කරලා virtual drive එකකට mount කර ගන්න පුලුවන්. දැන් VirtualBox වලටත් ISO images mount කර මෙහෙයුම් පද්ධති ස්ථාපනය කල හැකියි. Ubuntu තුලදී ISO image එකක් mount කර ගන්නේ මෙහෙමයි.

අදාල ISO image එක තිබෙන ඩිරෙක්ටරියට ගොස් පහත විධාන පිලිවෙලින් ලබාදෙන්න. මෙහිදී මුලින්ම mount point එකක් /media තුල සාදනවා. ඉන්පසු අදාල image එක mount කෙරෙනවා. අපට ඉන්පසු mount point එක හරහා image එකේ අන්තර්ගතයට පිවිසෙන්න පුලුවන්.

sudo mkdir /media/isoimg

sudo mount isoimagename.iso /media/isoimg/ -t iso9660 -o loop

භාවිතය අවසන් වූ පසු මෙය unmount කිරීමට පහත විධානය ලබා දෙන්න පුලුවන්.

sudo umount /media/isoimg

Bibliography:

Mount and Unmout ISO images without burning them|Ubuntu Geek

6 thoughts on “Ubuntu තුල ISO images mount කිරීම

  1. ඉන්දරේ
    loop කියන්නේ kernel mod එකක්. ඒකෙන් කරන්නේ compress කරපු file system එකක තියෙන දත්ත කියවන ගමන් decompress කරන හැකියාව ලබා දෙන එක.
    අනිත් ඒවානම් දන්නේ නෑ මචන්… හැබැයි පහළ ලින්ක් එකට ගියොත් බලා ගන්න පුලුවන්.
    http://linux.about.com/od/commands/l/blcmdl8_mount.htm

  2. මචන් ඊට වඩා easy විදියක් තියෙනවා. iso එක right click කරලා open with archive manager click කරන්න. :-)

  3. මනුල,
    හික්.. Google කරන්නත් කලින් ටිකක් right click කරන්න තිබුනා… අවුලක් නෑ.. දැන් පොර වෙන්න කියන්නම් මේක තමයි ගීක් විදිය කියලා :p

Return Fire!