උදුල් ෆුඩ් සිටි ගියා වාගේ

ඊයෙ පෙරේදා පංති විඥාණය කියන දේ ගැන ප්‍රශ්න කරල ලියද්දි පොඩි නිරීක්ෂණයක් ලිව්ව අන්තරේ අවුරුදු දෙකකට කලින් කැඳවුම් කරු වෙච්ච උදුල් ගැන. මගෙ පොයින්ට් එක වුනේ පංති විඥාණය කියන දේ සාර්ථකව මිනිස්සුන්ට දෙන්න බැහැ, ඒක හිතළුවක් කියන එක. ඒත් ඒකට කමෙන්ට් කරපු මචං කෙනෙක් පංති විඥාණය තියෙනවද නැද්ද කියන එක පැත්තකට දාල උදුල්ට කින්ඩිය දාපු එකට යුද්ද ප්‍රකාශ කලා. ඇත්තටම මම දැන් පිලිගන්නව මම උදුල්ට එහෙම කියපු එක වැරදියි කියල. උදුල් ගැන මම දැනගෙන හිටියෙ නෑ. ෂිහ්, මම හෙන පවක් කර ගත්තා. මම හිතනව මම ඒ කර ගත්ත පවෙන් ගොඩ එන්න මේ කමෙන්ට් එක ඉවහල් වෙයි කියල.

මචං උදුල් සමාවෙයන්!

// පංති විඥාණය කියල එකක් නැත්නම් උඹ අහවල් අලෙකටද මචං මේ පොළොවේ පස් කාගෙන උදුලට නෙලන්නේ//

මම උදුල්ට එහෙම කියපු එක වැරදියි.

උදුල් කියන්නෙ මාර බුවෙක්.
දෙයියෙක්.
ලංකාවේ නිදහස් අද්දියාපනේ ඉස්ට දේවතාවා.
උදුල් නැත්තං කැම්පස් නෑ, අද්දියාපනේ නෑ. නවක නම්නීකරණය (රැග් එක කියල කියන්නෙ අපි වගේ අලයෝ)ත් නෑ.
මේ උදුල් ගැන කතා කිහිපයක්.

  • දවසක් පප්පා නිදහස් අද්දියාපනේ විකුණන්න ගියා. විෂ්ණු දෙයියො ඒක දැකල උදුලට කතා කලා. කතා කරල කිව්ව ලංකාවෙ නිදහස් අද්දියාපනේට කෙල වෙන්නයි යන්නෙ. උඹ ගිහින් බේර ගනින් කියල. එදා තමයි උදුලය ඉපදුනෙ.
  • උදුල් පුංචි කාලෙ ගමේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් අම්ම කෙනෙක්ට සෙක්ස් එකට කතා කරල තිබ්බ පුතා ඉස්කෝලෙට දාලා දෙන්නං කියල. උදුල ගත්ත වැලි පොල් කට්ට අතට. එක පාරයි ප්‍රින්සිපල්ට ගැහුවෙ. පුතාව නිකන්ම ඉස්කෝලෙට දාලා දුන්න.
  • උදුල පලවෙනි පන්තියට යනකොට තුන වසරෙ ටීචර් පන්ති වලට උගන්නන්නෙ නැතුව පොඩි එවුන්ට එයාගෙ ටියුෂන් එකට ගෙන්න ගෙන තිබුන. උදුල ගිය ටීචර් ගාවට. ගිහින් කිව්වා “තීතල්, අදිලාද්‍යවාදී අමනකං අතෑලලා පීදිත පන්තියට අද්දියාපනේ ලබා දෙන්න“ කියල. ටීචර් තුනේ පන්තියට පීඩිත පන්තියත් එකතු කරල නිදහස් අද්දියාපනේ දුන්න.
  • උදුල් පහ වසරෙ සිස්සත්තෙ කරන්න ඉද්දි ඕලෙවල් අයියලගෙ ප්‍රශ්න පත්තරේ හොරෙන් පිට වෙලා තිබුන. උදුලට ආරංචි වුනා විතරයි කලාප අද්දියාපනේට කතා කරල කිව්ව “සර් පහ වසරෙ සිස්සත්තෙට එහෙම මෙහෙම වුනොත් අපි දීප ව්‍යාප්ත මෙව්වා එකක් ගෙනියනව ඔක්කොම වැඩ කරන මාමල නැන්දල එකතු කරල“ කියල. පහ වසරෙ සිස්සත්තෙ කිසිම අවුලක් නැතුව ගියා.
  • උදුල් ඕලෙවල් කරන්න ආවලු. එතකොට විසය ඔක්කොම වෙනස් වෙලා සිලබස් කරකැවිලා ගිහින්ලු. උදුල බලං හිටියෙ නෑලු. ගියාලු ඉසුරුපාය දෙබෑ කරන්ඩ කියල. අධ්‍යාපන ලේකංගෙ මේසෙට නැග්ගලු. නැගල මොනවත් නොකියා අර අභීත බැල්මෙන් මෑන්ගෙ මූණ දිහා බලාගෙන හිටියලු. කොහොම හරි ඊලඟ දවස වෙද්දි සිලබස් ප්‍රශ්න ඔක්කොම හරිලු. ජාතියන්තර කොරොමවේදෙකට අප් ටු ඩේට් සිලබස් එකක් එක රැයින් ගොඩ දැම්මලු. ඒ මදිවට සිලබස් එකේ අන්තර්ගතේ ගැන බලන්න ක්‍රියාකාරී කමිටුවක් අද්දියාපන ලේකං අතින් සල්ලි දීලම දැම්මලු.
  • උදුල් ඒලෙවල් වලට එනකොට කිසිම ඉස්කෝලෙක හරි හමං විදියට උගන්නන්නෑලු, ටියුසන් යන්නැති එකෙක් හිටියොත් ඌට බඩුම තමාලු. මේ අසාදාරනේ දැකපු උදුල්ට යකා නැග්ග. උදුල ගියා ටියුසන් වල අගනගරය, නුගේගොඩට. ගිහින් ඔක්කොම ටියුසන් පන්ති වලින් ඒ ටියුසන් බුවාලව පැන්නුවලු. ඉස්කෝලෙ වගේ දහ ගුණයක් හොඳින් ටියුසන් වල උගන්නපු සෑර්ලා මිස්ලට කස පාර දීල ආපහු ඉස්කෝල වලට යැව්වලු. එදා ඒ සිද්ද වුන දේ ජේසු යුදෙව් වෙලෙන්දන්ට ගැහුව එකටත් වැඩිය හැපනිං ලු. එදායින් පස්සෙ ඉස්කෝල වල ඉගැන්නිල්ල 100% දක්වා කාර්යක්සම වුනාලු. ටියුසන් වලට තිබුන ඩිමාන්ඩ් එක අඩු වුනාලු. එහෙමම එකෙක් ඇර නිදහස් අද්දියාපනේම පිහිටෙන් විතරක් ඒලෙවල් පාස් වෙන්න හැමෝටම පුලුවන් වුනාලු.
  • උදුල් ඉහලින් පාස් වෙලා ඩෙන්ටල් එකට ගියාලු. යද්දි පාස් වුන හැමෝම කැම්පස් ගන්නෑලු. උදුල් ගත්තලු කැම්පස් යද්දි ඉල්ලන්න තියෙන පොත අතට. ගියාලු කෙලින්ම උසස් අද්දියාපනයා ගාවට. “සර් හෙට වෙද්දි පාස් වුන හැමෝම කැම්පස් වල ඉන්න ඕනෙ“ කිව්වලු. කියල අර පොතෙන් “සර්ගෙ පිස්සුව හොඳ වෙන්නත් එක්ක“ කියල ගැහුවලු ඔලුවට එකක්. එදායින් පස්සෙ උසස් අද්දියාපනයා පිස්සු කතා කියවන එක නැවැත්තුවලු. ඒලෙවල් පාස් වුන හැම එකාම මිනිහ බලෙන්ම වගේ කැම්පස් එක්කං ආවලු.
  • උදුල් සෙකන්ඩ් ඉයර් එකේ ඉද්දි ලොක්කා බල කරල ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් දාන්න බවුන්ඩේසම දාන්න පටන් ගත්තලු මාලඹේ හරියෙ. උදුල්ට මේක ආරංචි වුනාම යකා නැග්ගලු. යාලුවො අල්ල ගන්න හැදුවට “අත ඇරපියව් මාව“ කියල උදුල ගත්තලු සයිකලේ, පෑගුව පෑගිල්ලට විනාඩි පහෙන් මාලඹේලු. බවුන්ඩේසම ගහන්න ආපු බාස්ලා ටිකක් උදුලට ගහන්න ආවට උදුල එක කික් එකයි දුන්නෙ. ඔක්කොම විසි වුනාලු. කැඩිච්ච බවුන්ඩේසම උඩ එක කකුලක් තියා ගත්ත උදුල් කියුබන් සුරුට්ටුවක් කටේ ගහගෙන මෙහෙම කිව්වලු. “ආයෙ මෙතන ප්‍රයිවට් මොනවත් බෑ!!“. මෙඩිකල් කොලේජ් එක ගහන්න ආපු එවුන් එක පැයෙන් රටෙන් පිට වුනාලු. ලොක්කා උදුල්ට එදා රෑ කතා කරල සමාව ඉල්ලුවලු.
  • මාසෙකට දෙකකට පස්සෙ උසස් අද්දියාපනය එපා කියද්දිම තව සෙට් එකක් පටන් ගත්තලු අලුතෙන් කැම්පස් එන එවුන්ට ආමි ට්‍රේනිං දෙන්න. ආමි ට්‍රේනින් පලවෙනි දවසෙම උදුල් එතනට ආවලු ආම්කට් බැනියමක් එක්ක ඇඟට හිර ඩෙනිමක් ගහල. බාගෙට ඉවර වෙච්ච කියුබන් සුරුට්ටුව කටේ කොනකට අරං උදුල මෙහෙම කිව්වලු. “කැම්පස් එකට අලුතෙන් එන්න ඉන්න එවුන් දැන් මෙතනින් පලයල්ලා. උඹලට ආමි ට්‍රේනින් නෑ“ අලුත් කොල්ලො කෙල්ලො ටික හෙමින් සැරේ ගෙදර ගියාලු. ඊට පස්සෙ එතනට ඇවිත් තිබුන ආමි ලොක්කා ගාවට උදුල හෙමින් සැරේ ගියාලු. ගිහින් ලොක්කගෙ ඇද වුන තොප්පිය හෙම හදල ඇඳුමෙ දූවිලි එහෙම පිහ දාල කිව්වලු “ආයෙ කැම්පස් යන එවුන්ට ආමි ට්‍රේනින් බෑ. හරිද?“ කියල. ආමි ලොක්කට චූ ගියෙ නැති එක විතරලු. අර ලමයි ට්‍රේනිං එකට ගෙවල තිබුන සල්ලි දෙගුණයක් වෙලා ගෙවල් වලටත් යවල තිබ්බලු. ඒ එක්කම නෝට් එකකුත් යවල තිබ්බලු “වඳින්නං නංගියෙ/මල්ලියෙ ආයෙ ට්‍රේනිං එන්න එපා, උදුල මාව කයි කියල“. එදායින් පස්සෙ හැම හුචක්කුවටම ආමි ට්‍රේනිං දෙන එක නැවතුනාලු.

මේක උදුල් ගැන තියෙන කතා වලින් කිහිපයක් විතරයි.

udul-vs-enemiew-of-free-education

මේ තියෙන්නෙ උදුල්ගෙ වීර ක්‍රියාවලින් හැදිච්ච ප්‍රස්ථාව පිරුළු ටිකක්.

  • උදුලුයි එස්බීයි පොර ටෝක් දුන්නා වාගේ – වලි දාගන්නෙ දෙන්නෙක්, ගුටි කන්නෙ තර්ඩ් පාටි එකක් වගේ වෙන වෙලාවකට සුදුසුයි
  • උදුල් නිදහස් අද්දියාපනය බේර ගත්තා වාගෙ – මේක ඉතින් හැමෝම දන්නව.
  • උදුල් නැති වෙලාවට සංජීවයි නජිතුයි ටෝක් දෙනවා වාගේ – A නැති තැන B, A ගැන පොර ටෝක් දී Aට ඒ නිසා ගුටි කන්න වෙන වෙලාවකදි සුදුසුයි
  • උදුලුත් නෑ, නැති වෙච්ච ආමි ට්‍රේනිනුත් නෑ වාගේ – මේකත් හෙන ප්‍රසිද්ධ කියමනක්.
  • එස්බීට උදුල් වාගේ – මේකත් ප්‍රසිද්ධයි.
  • කැම්පස් කොල්ලොන්ටත් උදුල්ම සෙට් වුනා වාගේ – කරුමයක් ගෙවන්නම සිද්ද වුනාම මේ කතාව කියනව.
  • රැග් එක ගැන උදුල් කතා කලා වාගේ – සිද්ද වුනේ නැති දේවල් ගැන කියද්දි මේ කතාව කියනව.
  • රැග් එක ගැන කියද්දි උදුල් කරනවා වාගේ – චාටර් වෙන ටොපික් එකක් ආවම කතා නැතුව ලිස්සල යන අයට මේක කියනව (පර්සනල් ගන්න එපා මචං)
  • රැග් එකෙන් කැම්පස් අද්දියාපනේ දියුණු වුනා වාගේ
  • අන්තරෙන් කැම්පස් අද්දියාපනේ දියුණු වුනා වාගේ
  • අන්තරෙන් නිදහස් අද්දියාපනේ දියුණු වුනා වාගේ
  • උදුල් නිසා අන්තරේ දියුණු වුනා වාගේ – sarcasm සිංහලෙන්
  • ජවිපෙට අන්තරේ සම්බන්ධ නෑ කිව්වා වාගේ – හැමෝම දන්න දේවල් නෑ කියද්දි මෙහෙම කියනව.

හෙන ප්‍රසිද්ද එකක් අන්තිමට

  • උදුල් ෆුඩ් සිටි ගියා වාගේණයට කහිනව කියන එකට අලුත් කියමනක්. (පව් කියල හිතුන නිසා කපල දැම්ම.) හාස්කම් ගැන කියවන ගුරුන්නාන්සේලා ඇපලෝ එකට ගිහින් බෙහෙත් ගන්නවට කියන කියමනක්.

57 thoughts on “උදුල් ෆුඩ් සිටි ගියා වාගේ

  1. උදුලයගෙ නම ඇහෙද්දිම වෙන මොකවත් මොකුත් කියන්න අමාරුයි . . . හිනාවෙන සද්දයක් එක්ක මොකද්ද ගදක් එනව පුටුව යටින්

    • කෝ අරකට උත්තරයක් නෑනෙ. පොලේ යන්නවත් මෑන් හොයාගන්න නැති එකනෙ අවුල.

  2. කිකිලි බිත්තරේ රැක්කම පැටියෙක් හැදෙනවා.. ගොඩක් බිත්තර නිසි ආකාරයෙන් රැක්කුවට පස්සෙ ලස්සන පැටවු ගත හැකි..
    නමුත් මේ නිදහස් අධ්‍යාපනය කියන බිත්තරේ රැකලා කබර පැටවු කිඹුල් පැටවු හදනවාට වඩා මේක නැතිකරනවා නම් මමසිරාවටම ආසයි..

  3. මේක උදුලගේ අවුලක් නෙවෙයි බං, ලංකාවේ කැම්පස් වල අවුලක්. කැම්පස් වලට එන තොත්ත බබ්බුන්ගෙන් දේශපාලන අන්ගුලිමාලලා හදන මොංගල් වම්මුන්ගේ අවුලක්

      • අනේ සොරි මචං අපි කැම්පස් ඇවිත් අවුටුත් වෙලා මේ වෙනකොට. ෂිහ් ඒ කාලෙ කිව්වනං අන්තරේට එකතු වෙලා කැම්පස් හදන්න තිබුනා.

        පව් බං උඹලත්. පහල ස්ථරේ ඉඳන් මේ හාල්පාරුවො ඩිෆෙන්ඩ් කරන්න හදනව. උන් ගිහින් ඇමතිලගෙ උපදේසක කං කරනව (කවුද කියල හොයනවනං පේර පැත්තෙම හිටපු බුවෙක්. උඹල එන්නත් කලින් බං).

        • [[අඩේ සිරා බං, උබලා වගේ ඩයල් ටිකක් ආවා නම් කැම්පස් ගොඩනේ…]]

          ඉහත වගන්තිය ලිව්ව අම්බරුවා දන්නවද ඒකෙ තේරුම. “කැම්පස් ගොඩ දාන්න” කැම්පස් යන්නේ කවුද බං? මුන් කැම්පස් කියන්නේ වේලි වේලි ඉන්න බඩුවකටද?

          ප්‍රශ්නයට ආවොත්, හොඳට ඒ ලෙවල් කරලා කැම්පස් යන ඕන හිපාටුවෙකුට කැම්පස් යන්න අයිතිය තියෙනවා. උගේ පුද්ගලිකත්වයෙන් ස්වාධීනව, ඒත් ඒ අතර ඉන්න තොත්ත බබ්බුන්ට ස්වාධීනව ලෝකය දිහා බලන්න තියෙන අයිතිය කොල්ල කනවා මෙන්න මේ දේශපාලන ගුරා ලා. ජීවිතේ අයන්න නොකිව්ව බොහෝ විට හද්ද ගොඩේ අසරණයින්ට තෙල බෙදලා මානසික විකාරයන් කරන්නේ උන්. ඊට පස්සේ ඒ අසරණයෝ හිතෙන් විප්ලව කොරනවා, මැයි දිනේ පාර දිගේ කෑ ගහ ගහ යනවා, දේශපාලන හිතලුවකට ජීවිතේම කැප කරනවා, කරන්න දෙයක් නැතිවාම බුකියෙයි බ්ලොග්ස්පියර් එකෙයි කොටනවා.

          ඔය උඩින් තමන්ටත් නොතේරෙන බම්බුවක් ලියලා තියෙනෙන් එයින් එකෙක්.

  4. මචං උබනේ කීවේ උදුලයා ෆුඩ් සිටි ගිය එක උබට අවුලක් කියලා. බහුතරයක් උන් ප්‍රශ්න කරලා තිබ්බේ, උදුලයා මොකද්ද කරේ කියන එක නෙමෙයි, උබ කරපු ප්‍රකාශයේ හරයක් නැති එක ගැනයි. උබ මෙතන උත්තර දේන්නේ වෙනම
    මගුලකට. උබ කියපු දේ චාටර් තමයි, දැන් කොහෙවත් ඉන්න උන්ගේ කැරැට්ටු හොයන් නැතුව උබ කරපු ප්‍රකාශය අදාල වෙන්නෙ කොහොමද කියලා දන්න මගුලකින් පැහැදිලි කරපන්, ඒ කරලත් ඉන්න බැරි නම් ඒ පෝස්ට් එක අයින් කරහන්. උබට කියන්න තියෙන්නෙත් මේක තමා “රැග් එක ගැන කියද්දි උදුල් කරනවා වාගේ”……………

    • මල පැන්නද මචං? :D මම සමාවත් ඉල්ලුවනෙ. උඹනෙ තාම මලෙන් ඉන්නෙ. ඔන්න ඔහෙ උදුල්ගෙ පින්තූරෙට හඳුන් කූරක් පත්තු කරල නිදා ගනින්. ඕවා පර්සනල් ගන්න එපා.

      • එල එල බෙදන්න බැහැනේ මීහරකෝ. එලනවා නම් එලනවා බෙදනවානම් බෙදනවා.
        එළ කියලා නම් කියනවා එළ හරකුන්ට, එළ බටුවලට. උඹත් වැරදිලා ජාතක වෙච්ච එළ හරකෙක්ද?

        • සා තවත් මාක්ස් වාදී ඉස්පෙලිං නාසි කමෙන්ටුවක්! විප්ලොවේට ජයවේවා මානවසිංහයිනි!

        • මානවසිංහ වෙත: අනේ අපිනම් ඔව්ව දන්නේ නැති කොල්ලෝ කුරුට්ටෝ වෙච්චි, මේ ගොන් වාහෙම ඇවිදිං ඕක කියල දුන්නු එක පට්ටෙට වටිනවා.. අනේ මං වැරදියි මචං.. සොරි.. අපි දන්නෙ නෑනෙ “එළ” කියන වචනේ උඹලගේ ස්පීෂීස් එකට සින්නක්කර කොපිරයිට් දීල කියල..

  5. චමිලයෝ…උඹ ලිව්වගෙන් ලිව්වේ නෑ මෙහෙම මෙව්ව එකක්. ඒත් මට හරි මෙව්වා එකක් හිතෙනවා බං. මම නම් මුං එක්ක තරහ නෑ, මුං ගැන මට මෙව්වයි.

    උදුලා දන්න කියන එකා. ඌ ගත්තේ උගේ මධ්‍යම පාංතික ( සුළු ධනේෂ්වර ) ආතල් එක. උගේ දෙමව්පියන්ටත් ඒ ගැන එච්චර මෙව්වා එකක් නෑ. සංජීවයා මෙව්වා පංතියේ උනත් ඌටත් වෙන සීන් අල්ලලා ගියේ නැත්තේ ඇගේ තිබ්බේ වල නිසා. මට දුක අර නජිත් මල්ලි ගැන. ඇයි බොල ලංකාවේ දොස්තරයෙක් කරන්න මෙව්වා පංතියේ උගේ අම්මා කොච්චර මෙව්ව එකක් විදින්න ඇත්ද? මු පව්. මට ඇත්තටම කෙන්ති නෑ, දුක් මෙව්වා වෙනවා.

    • සා!! අන්තරේ/උදුල්/ජවිපෙ විවේචනය කලාම මාර උගත් ප්‍රතිචාර ටිකක් වැටෙනවනෙ. විසිස්ටයි සහෝදරයා, උඹෙ මේ පිලිතුර දැක්කාම මාක්ස්ට බඩු යන්නැති.

  6. අඩේ මචං උඹට මල පැන්නේ අලය කියපු එකටද? කීබෝර්ඩ් වීරයා කියපු එකටද? නැත්නම් අර බුකියේ නංගිලා හුරතල් කරන කෙස් එක කියපු එකටද ? උඹ මට කලින් කිවුවනම් මම ඕව කියන්නේ නැනේ. මචෝ උබ මෙතන කැත කරලා ගද ගස්සලා හත් පොලේම ගාගෙනනේ. යකෝ උඹ සරම උස්සල රීපු රිවිල්ලට උඹේ බඩු සෙට් එක ඔක්කොම එළිවෙලානේ මචං.

    දැන් බලහන්, මේක බලන්න අදින් පස්සේ එනඋන් දන්නවා උබ කැම්පස් ගිය කාලේ පට්ට අලයෙක්ය, කණ්ඩායමේ අනික් උන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන කොට උඹ මුට්ටියක් උස්සන් ලේචාලා පස්සේ ගිය චර්ටර් ඩයල් එකක් කියල. අනික ලබ්බ පොලේ ගැහුවා වගේ වැඩක්නේ උබ කර ගත්තේ, දැන් කොහොමද උබ පන්ති විඥාණය, නිද්ධන පන්තිය ඔය එකී මෙකි නොකී දේවල් ගැන දන්නව වගේ ටෝක් ඉෂූ කරන්නේ කරන්නේ එතකොට උන් අහයිනේ බන් ඇවිල්ල “පල අලය යන්න දැන්ද තොට විඥාණේ මතක් උනේ?” කියල. අඩේ එතකොට උඹට අවුල් හිතෙන්නේ නැද්ද බන් ? උඹට වෙන දේ ගැන මටනම් පට්ට අවුල් කොල්ලෝ.

    මචං ඔය මුට්ටි අල්ලන ගොඩක් අලයෝ ( මචං උඹ ගැන කියනවා නෙවෙයි) මෙලෝ මලදානයක් එකවර තේරුම් ගන්න බැරි මාර පදිරි සෙට් එකක් මචං. යන්නේ කොහෙද කියල ඇහුවාම මල්ලේ පොලුත් නැ කියනවා ( මචං උඹ ගැන කියනවා නෙවෙයි හොදේ ). උදුල ෆුඩ් සිටි යන එකයි, උබේ අර මොකක්ද විඥාණයයයි සම්බන්ද නැ නේද කිල ඇහුවාම උඹ හතර අතේ උදුලට නෙලනවා. මොකෝ බන් කෙස් එක උඹ ට්‍රයි කරපු කෙල්ල උදුලට කැමති උනාද? කෙල්ලෝ එහෙම තමයි බන් උන් ලයිබ්රි වල ලැගල ඉන්න අම්බලන් පාලුවන්ට වඩා උදුල් වගේ උන්ට කැමතියි උබ ඕවට සැලෙන්න එපා අම්ම එකක් උඹට හොයල දෙයි.

    මචන් අර ජෝක් කරලා තියන ගොඩක් ප්‍රශ්න ඇත්ත ප්‍රශ්න නේද ? උදුල ඒවා කතා කරන නිසාද උබට ජුවල් ගිහින් තියෙන්නේ. මට උබව තේරුම් ගන්න පුළුවන් කොල්ලෝ, කන්‍යාරත්න ගාව හරි, චතුස්කෝටික සිල්වා ලගහරි, කනිෂ්කා කුමාරි හාමි ලග හරි කටු කන කොට මොලේ හැගීම් දැනීම් තියන කැල්ලට මොකක්ද වෙලා නිකන් පිස්සු වෙනවා තමයි. ඕක ගොඩක් අලයන්ට වෙනවා. උඹ ගන්න ගන්න එපා එක උඹටත් වෙලා තියෙන්නේ. ඒ පිස්සු නෙමෙයි හැටි.

    මෙන්න මචන් උඹේ ප්‍රස්තා පිරුළු සෙට් එකට මගෙනුත් ටිකක්

    චමිලයට ෆුඩ් සිටිය පොෂ් තැනක් උනා වගේ – ගමේ බයියෝ කොළඹ (නගරයට) ආපසු අංඤකොරොස් වී තැන් තැන් වල මොංගල් කතා කොටයිනම් මෙය යෙදිය හැක

    චමිලය පංති විඥාණය ගැන ලිවුවා වගේ – නොදන්න මගුල් කථා කරන්න ගොස් වරිගේ නහ ගැනීම.

    උදුල් ෆුඩ් සිටි ගියා වාගේ- ෆුඩ් සිටිය පොෂ් තැනක් කියල හිතන් ඉන්න ඩයල් වල අතල් කවුරු හරි කඩයිනම් මෙය යෙදිය හැක.

    උදුල් ගැන කතාකරන්න ගොස් සරම කඩා ගත්තා සේ – මානව හිත වාදීන් ලෙස පෙනී ඉන්න නරුම ඩයල් එලිද වූ පසු මෙය යෙදිය හැක.

    • //දැන් බලහන්, මේක බලන්න අදින් පස්සේ එනඋන් දන්නවා උබ කැම්පස් ගිය කාලේ පට්ට අලයෙක්ය, කණ්ඩායමේ අනික් උන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන කොට උඹ මුට්ටියක් උස්සන් ලේචාලා පස්සේ ගිය චර්ටර් ඩයල් එකක් කියල.//

      අයියෝ මම කරගත්ත කරුමයක මහත!!! දැන් මට මාර සීන් එක නේ බං වෙන්නෙ. දැන් මිනිස්සු හිතයි මං අලය කියල. මේ බ්ලොග් එක බලල මිනිස්සු මට බනියි අලය කියල. අයියෝ!

      අනේ මචං උඹල උදුලා වගේ පොර බුවාල දන්න එකේ පොඩ්ඩක් ෂේප් කරල දීපං. එකට කමෙන්ට් දාගෙන ආපු එවුන්නෙ. නැත්තං මිනිස්සු බ්ලොග් එක බලලා මට අලය කියයි බං. ඒක පට්ට අවුල් බං.

      //මචන් අර ජෝක් කරලා තියන ගොඩක් ප්‍රශ්න ඇත්ත ප්‍රශ්න නේද//

      ඔව්!!! ඔබ ලක්සපති මම ද ලක්සපති තරඟයේ මීලඟ වටයට ඔබ සුදුසුකං ලබනවා!!!! සුබ පැතුම්!! මෙන්න සත විසිපහේ චෙක් එක!

      //මට උබව තේරුම් ගන්න පුළුවන් කොල්ලෝ, කන්‍යාරත්න ගාව හරි, චතුස්කෝටික සිල්වා ලගහරි, කනිෂ්කා කුමාරි හාමි ලග හරි කටු කන කොට මොලේ හැගීම් දැනීම් තියන කැල්ලට මොකක්ද වෙලා නිකන් පිස්සු වෙනවා තමයි//

      ඔන්න දැන් ඉඳන් සිරා හරිද. මම උඹට කලිනුත් කිව්වනෙ මචං. උඹ ගැන පව් හිතෙන්නෙ මට මේ වෙලාවට. උඹ මාව profile කර ගන්න බුදු ගේමක් දෙනව. මුලින් “අඩේ මූ එස්බීගෙ එකෙක් වෙන්ටැ“ කියල එහෙම හම ගහන්න පටන් ගත්තා. මම හිතන්නෙ උඹ හිතාගෙන ඉන්නැති මම තාම කැම්පස් යන එකෙක් කියලත් (කැම්පස් යන එකෙක් ඇර දේශපාලනිකව බංකොලොත් වුන අන්තරේ ගැන කතා කරන එකෙකුත් නෑ තමයි. උඹ එතනදි සාධාරණයි). ඒ පාර උඹ අල profile එක පාවිච්චිත් කලා. (මේකත් කැම්පස් කාලෙදි විතරයි බං වැලිඩ්. ඒවත් වැලිඩ් වෙන්නෙ පේරා වගේ හද්ද ගොඩේ පොට් එකක තමයි. උඹලගෙ ඔය “අඩෝ අලයා“ ටෝක් බලු වෙනව ඇස් දෙකෙන් දැකපු එවුන් මේක මම ටයිප් කරනව බලාගෙනත් ඉන්නව.) මචං මම ගිය තැන අන්තරේ කියන බලු පූට්ටුව එලවල දාලා හෙන කල්. උඹ අවුල් නැත්තං විස්වාස කරපං මං ගැන දන්න එවුන්ට උඹේ සර්ටිෆිකට් එකනං ඕනෙ වෙන්නෑ මම අලද නැද්ද දැන ගන්න.

      දැන් උඹ චි-කාර profile එක දාලා බලනව. පව් බං උඹ. කමක් නෑ. නලින් ද සිල්වටත් ඔය එක්කම බැනල දාපං. උගෙයි උඹලගෙයි වෙනස කියවන පොත විතරයි. ඇස් දෙක පුකේ ගහගත්ත බලු රෑන වගේ පස්සෙන් යන්න උඹල දෙගොල්ලොම ලක්සනට දන්නව.

      තව ට්‍රයි කරපං මචං. අද සෙනසුරාදා එකේ උඹලගෙ මාර සිරා දේසපාලනේ ගැනත් ලියල දාන්ඩෝනෙ.

      උඹලගෙ කලින්ම ලොක්කෙක් ඇමති උපදේසක ගියා. ඊලඟ එකාට ටිකට් එක ගොඩ යයි. ඊට පස්සෙ ආපු එකා කැම්පස් ඩිග්‍රි නැති වුනත් “විප්ලොවීය ඩිග්‍රිය“ ගන්න ලඟයි. අර උඩ කිව්වත් වගේ වැඩ බලන එකා ගැන නං පව් තමයි.

      ඒත් උඹල වගේ තෙල කාගෙන වැඩ කාලකණ්ණි කරගන්න එවුන් ලෙචාල ගාව පුක උඩ දාගෙන දණ ගහගන්න හැටි අපි ගිය අවුරුද්දෙත් දැක්ක. ඇසිස්ටන්ට් කම ගොඩ දාගන්න. පේරා කියන බේසමෙන් එලියට ආවොත් ඒ උන්දැලැට ජීවත් වෙන්න අමාරුයි. රස්සාවක් කරගන්න අමාරුයි (මෙහෙම කිව්වාම කියයි ධනපති සමාජයේ රෙකමදාරු අපිට ඕනෙ නෑ කියල. ඒ වගේ හුකාරිස්නෙ කියවන්නෙ.)

      උඹලට තියෙන හොඳම බෙහෙත කැම්පස් වලින් අවුට් වෙන එක. හැබැයි වෙන්ඩ ඕනෙ ඩැමේජ් එක එතකොට වෙලා ඉවරයි. හූල්ල හූල්ල ඉන්න එක තමයි ඊලඟට තියෙන්නෙ.

      ඒ වෙනකං මේ වගේ බ්ලොග් එකක උදුලා ඩිෆෙන්ඩ් කර කර හිටපං. සුබ අනාගතයක්! (උඹලමනෙ වැඩ කරල ගෙනාවෙ. එහෙම කිව්වාම මතක් වුනේ ඇයි බං පේරාදෙණියෙ බැනර් ගහල තිබුනෙ රණවිරුවොන්ට සුබ පතල අන්තරෙන්? 2008දි විතර. ඇයි දැන් උඹලට පෙන්නන්න බැරි වෙලා නේද?)

      • මචං චමිල උඹට අන්තරේ ගැන මතක් කලාම අපස්මාරේ හැදිච්ච එකාට වගේ දත කට පුට්ටු වෙනවා නේද? කෙස් එක තියෙන්නේ එතකොට උඹේ මොලේ වැඩ කරන්නේ නැති එක තමයි. බලපන් උඹට තියෙන්නේ මොන තරම් දුර්වල චරිතයක්ද කියල. උබ ලියපු පොස්ට් එකකට උඹ කැමති නැති කොමෙට් එකක් වැටුනාම උඹ ඇදන් ඉන්න රෙදි පිලි හෙම උනාදාල හෙළුවෙන් නටන නැටිල්ල, හරි හිරිකිතයිනේ බන්. හැබැයි ඉතින් හොදකට තියෙන්න උබේ ඇතුලේ ඉන්න එකා එලියට ඇවිල්ල අපිටත් ඌව බලා ගන්න පුළුවන් වීම තමයි. එතකොට උඹ අර ‘පංති විඥාණය’ වගේ එකක් අපහු ලියුවාම “අනේ උඹනේ මේ පන්ති විඥාණය ගැන කතා කරන්නේ” කියලා ඇහුවහැකි එහෙමත් ‘අනේ උඹේ ක්‍රම විරෝදය කියල කිවුවහැකි.

        බලපන් එක කොමෙන්ට් එකකින් උබේ දවස් ගානක අතල් එක චකබ්ලාස් කරා නේද? උදුලට අන්තරේට කීබෝර්ඩ් එක හරහා යුද්ධ ප්‍රකාශ කරලා උඹේ දවස් කියක්නම් ඉවරද? දැන් උඹ කියපු ඒවගෙන් උදුල්ට හරි අන්තරේට හරි උන බලපෑම මොකක්ද?
        හැබැයි මෙතෙන්ට උඹේ පොස්ට් කියවන්න එන උන් දැන් සතා මොකාද කියල දන්නවා. හැරෙන්නේ කොහෙද කියලත් දානවා.

        උඹ මිට ශතවර්ෂ ගනනාවකට කලින් කැම්පස් ගිය නාකි උලමෙක් කියල දන්නවා. අන්කල් කියල චාර්ටර් කරන්න බැරි හින්ද මචං කිවුවේ. ඒවගේම උඹට ‘අලය’ කිවුවේ උබේ තියන නරුම අදහස් ( අර උදුල්ට ෆුඩ් සිටි යන්න බෑ වගේ ඒවා) හරියටම මැච් වෙන්නේ අර ‘අල’ කුලකෙත් එක්ක හින්ද . ඒක හින්ද උඹ කියන විදියට උබව ප්‍රොෆයිල් කරන්න ඕනේ නැ. උඹ ප්‍රොෆයිල් වෙලා ඉවරයි. මම කියන්න හැදුවේ උබේ
        ප්‍රොෆයිල් එකට සමාන උන් තමයි කන්‍යාරත්න ගාව , චතුස්කෝටික සිල්වා ලග, කනිෂ්කා කුමාරි හාමි ලග කටු කන සෙට් එකට තියෙන්නෙත්. ඇයි උඹට අවුල්ද ? දුක තමයිකොල්ලෝ එත් ඇත්ත එක තමයි.

        ඊලගට උඹට තියන මාරම ප්‍රශ්නයක් තමයි අන්තරේ ඉන්න උන් එතනින් අහක් උනාම කරන්නේ මොකක්ද කියන එක. හැබැයි මටනම් වැදගත් උන් ඉන්න කලේ මොකක්ද කලේ කියන එක. උඹ එකෙක් ඇමතියෙක් ලග මොනවදෝ කරන කියනව හැබැයි ඉතුරු සිය ගානක් මොනවාද කරන්නේ කියල උබ කියන්නේ නැ. මේ උබේ කුහකත්වයද ? නැත්නම් උඹල වගේ පජාත පොරවල් වලට නායකයෝ වෙන්න බැරි උනාම, මුළු කැම්පස් ජිවිතයම නිකන් නොබොඩිස් උනාම කැම්පස් අවුට් වෙලා අසහනේ බ්ලොග් වල මෝචනය කරන විදියද ?

        මචං උඹ නිරීක්ෂණ වලින් නිගමන වලට එන විදිය හරි අමනයි නේද? උඹ අත උස්සලද ඩිග්රි එක කලේ දැන් බලපන් උදුල ෆුඩ් සිටි යන එකෙන් උඹ පංති විඥාණය ගැන රොම්බ නිගමනේකට එනවා. ඒවගේම උඹ මම ගැනත් සිරා නිගමනෙක ඉන්නවා මම තාම කැම්පස් යනවා වගේ. උඹ පවු බන්. උබේ චුන් ඉතින් උඹටම චුන්.

        අන්තිමට,
        “පේරා කියන බේසමෙන් එලියට ආවොත් ඒ උන්දැලැට ජීවත් වෙන්න අමාරුයි. රස්සාවක් කරගන්න අමාරුයි”

        මේකටපේර උන්ට පුකෙනුත් හිනා යනවා ඇති. සිරාවට මටනම් අනුකම්පයි උඹ ගැන. උඹේ හීනමානය දිගටම බ්ලොග් වලින් එලියට දාපන්. මම කොමෙන්ට් කොටලා උඹට අතල් දෙන්නම්.

        උඹටත් සුබ අනාගතයක්!

        ප.ලි

        මචං මේ දන්නැති කමට උබෙන් අහපු ප්‍රශ්න ටික උමට මග ඇරිලා මයේ හිතේ

        “ඇයි මචං උඹ හිතන් ඉන්නේ උදුල් හරි වෙන කවුරුහරි ෆුඩ් සිටි ගියාම උගේ වාමාංශික දේශපාලනේ එතනින් ඉවරායි කියල. ඇත්තටම උඹ සමාජවාදය හරි මොකක්හරි කියල හිතන් ඉන්නේ මොකක්ද? ෆුඩ් සිටි යන එකයි සමාජවාදයයි අතර ඇති සම්බන්දය මොකක්ද? සිරාවටම දන්නැති හින්ද අහන්නේ.”

        • 1) මචං චමිල උඹට අන්තරේ ගැන මතක් කලාම අපස්මාරේ හැදිච්ච එකාට වගේ දත කට පුට්ටු වෙනවා නේද

          ම්හු. “පව්“ වගේ දෙයක් නං මතක් වෙනව. ඒකත් ඔහේ අමතක වෙලා යනව.

          2) .උබ ලියපු පොස්ට් එකකට උඹ කැමති නැති කොමෙට් එකක් වැටුනාම උඹ ඇදන් ඉන්න රෙදි පිලි හෙම උනාදාල හෙළුවෙන් නටන නැටිල්ල

          ම්හු. දැන් උඹනෙ මචං උදුල්ට අරව මේව කිව්වය කියල ඩෙඟා පාර දුන්නෙ, මගෙ දේසක්පාලන මෙව්ව එක දුර්වලය කියල පටන් ගෙන, අලයාය, කීබෝඩ් වීරයාය අරයාය මෙයාය කියල ඉවර කරන්නැති ජිහාඩ් එකක් ගෙනියන්නෙ. //හරි හිරිකිතයිනේ බන්// (සයිඩ් ආතල් – // කැමති නැති කොමෙට් // වැටෙනවද බං බ්ලොග් වලට)

          3) බලපන් එක කොමෙන්ට් එකකින් උබේ දවස් ගානක අතල් එක චකබ්ලාස් කරා නේද?

          ඔව් මචං. මේ දවස් ගානට මට කන්න බොන්නවත් හරියට නෑ බං. මම උදුලට බැනල මාර වැරැද්දක් කර ගත්තෙ. උඹල මට මාරෙට දඬුවම් දෙනව බං.

          4) දැන් උඹ කියපු ඒවගෙන් උදුල්ට හරි අන්තරේට හරි උන බලපෑම මොකක්ද?

          එහෙව් එකක් නැද්ද බං? මම හිතුවා අම්බානකට බලපෑමක් ඇති කියල. නැත්තං උඹල මෙහෙව් හීල්ලීමක් හීල්ලයිද? සැහ්! ඒ කියන්නෙ බලපෑමක් නැද්ද? අයියෝ!

          5) උඹ මිට ශතවර්ෂ ගනනාවකට කලින් කැම්පස් ගිය නාකි උලමෙක් කියල දන්නවා. අන්කල් කියල චාර්ටර් කරන්න බැරි හින්ද මචං කිවුවේ.

          පට්ට ආතල් මල්ලි. ඔහොම යං! නැවතත් අවස්ථාව ලැබෙනවා හරි උත්තරය දෙන්ඩ.

          6) උඹ ප්‍රොෆයිල් වෙලා ඉවරයි

          එලම කිරි!

          7) ඇයි උඹට අවුල්ද ?

          නෑ මචං! පිස්සුද? එහෙම අවුල් ගන්නවද?

          8) මාරම ප්‍රශ්නයක් තමයි අන්තරේ ඉන්න උන් එතනින් අහක් උනාම කරන්නේ මොකක්ද කියන එක

          නෑ බං. ප්‍රශ්නෙ අන්තරේ කොතනින්ද අයින් වෙන්නෙ කියන එක. මාර පොට් එකකද බං අන්තරේ ඉන්නෙ? ලාංකීය සිස්ස වියාපාරේ මෙව්වා එකද?

          9) උන් ඉන්න කලේ මොකක්ද

          කොයි කාලෙද?

          10) ඉතුරු සිය ගානක් මොනවාද කරන්නේ කියල උබ කියන්නේ නැ.

          හොයාගන්ඩ නෑ බං උන්. අමාත්‍යාංශ වල, මණ්ඩල වල බලපං. අධිකාරි වලටනං ඇමති ලියුං වලින් යන්ට බෑනෙ. එව්වයෙ බලන්ට එපා.

          11) නැත්නම් උඹල වගේ පජාත පොරවල් වලට නායකයෝ වෙන්න බැරි උනාම, මුළු කැම්පස් ජිවිතයම නිකන් නොබොඩිස් උනාම

          සැහ්! මම හෙන චාටර් බුවෙක්නෙ බලාගෙන ගියාම!

          12) උඹ අත උස්සලද ඩිග්රි එක කලේ

          මල්ලි ඕක දැන් කට පාඩං නේද? අම්මට සිරි මේ රැග් එක කාලෙනෙ. හරි හරි අවුලක් නෑ.

          13) උදුල ෆුඩ් සිටි යන එකෙන් උඹ පංති විඥාණය ගැන රොම්බ නිගමනේකට එනවා.

          නෑ නේද මල්ලි. ඒක පොඩි සයිඩ් කතාවක්. හැබැයි උදුලා ගහපු තෙල කාලා ජංගි විකාගෙන දඟලන උඹලට ඒක ලොකු සීන් එකක් තමා. මොනා කරන්නද මතං?

          14) ඒවගේම උඹ මම ගැනත් සිරා නිගමනෙක ඉන්නවා මම තාම කැම්පස් යනවා වගේ

          හප්පට! මම එතනත් වැරදි නෙ බං. සැහ් සැහ්.

          15) මේකටපේර උන්ට පුකෙනුත් හිනා යනවා ඇති.

          වෙන්නත් ඇති බං. දුකට පුං ගහනකොට හිනා යනව මම දැකල තියෙනව. එහෙම වුනේ පේරා ඔක්කොම උදුලව ඉස්සරහට දාගෙන… සොරි උදුල පේරා ඔක්කොම (කිව්වට 1st years ලා) ඉස්සරහට දාගෙන කොල්ලුපිටිය හන්දියට පෙලපාලි ආපු දවසෙ.

          16) සිරාවට මටනම් අනුකම්පයි උඹ ගැන.

          තැන්කූ මචං! ලොකු උදව්වක්!

          17) උඹේ හීනමානය දිගටම බ්ලොග් වලින් එලියට දාපන්.

          හා!

          18) මම කොමෙන්ට් කොටලා උඹට අතල් දෙන්නම්.

          හා!

          19)“ඇයි මචං උඹ හිතන් ඉන්නේ උදුල් හරි වෙන කවුරුහරි ෆුඩ් සිටි ගියාම උගේ වාමාංශික දේශපාලනේ එතනින් ඉවරායි කියල. ඇත්තටම උඹ සමාජවාදය හරි මොකක්හරි කියල හිතන් ඉන්නේ මොකක්ද? ෆුඩ් සිටි යන එකයි සමාජවාදයයි අතර ඇති සම්බන්දය මොකක්ද? සිරාවටම දන්නැති හින්ද අහන්නේ.”

          දැන් උඹල නේද මට පලු යන්ඩ බැන්නෙ අලයා කියල. අලයො මොනවද බං සමාජවාදෙ ගැන දන්නෙ? උඹලට උදුල කියල දුන්නෙ මොනවද?

          20) උඹටත් සුබ අනාගතයක්!

          එලම කිරි!

          • විසිවසක් තිස්සේ මෙරට සරසවිය නමැති දැනුම් මාතාව බිම පෙරළාගෙන හම යනතුරු අතවර කළ ජවිපෙ, ඊට අන්තරේ නමින් බවුතීස්ම කොට නමක් ද දමා සිය ශුක්‍රාණු ගඳ වෑහෙන සක්කිළි දහදුරාව වහගන්නට හදන එක ඉවසා සිටිය හැකිය. එහෙත් ජීවිතේට දේශපාලන විද්‍යාව කටගා හෝ නැති වෛශ්‍යා පුත්‍රයෝ සිය සමලිංගික ආතල් එක උන් උන්ගේ බඩු / කොලු පොට්වල කරගන්නේ නැතිව බ්ලොග් අවකාශය තුළ අම්මගෙ රෙද්දේ ජවිපෙවාදයක් කියවන්නට එන්නේ නම් උන්ගේ රෙද්ද ඔලුවෙන් ගළවා යැව්වාට චමිලට පවු නැත.

            දැන් අන්තරේ ලොකුද? ජෙප්පෝ ලොකුද? එතකොට දැන් ජෙප්පෝ කියන්නේ මේ රටේ ඉන්න හැපනිං ම දේශපාලන බලවේගය ද? උන්ගේ අම්මගෙ රෙද්දේ දේශපාලන සන්දර්භයද මොකද්ද මංදා මෙවුවා එක දැන් හදාගෙන අහවරද? විමල් ගියාම ඉරිච්චි පුක දැන් මැහුම් දාල ඉවරද? මරාට දෙන්න ගිහිං වංගෙඩි ඉරාගත්තා මදිවාට, ඒ කරලත් අන්තිමට කොටාපු වංගෙඩි කබලත් නැතුව පුකට පයින් දෙකක් කා අරලියගහ මන්දිරෙන් බල්ලන් වගේ දොට්ට දැම්මාට පසුව, ජානිපෙ සහ පෙසපෙ අතින් මාරුවෙන් මාරුවට ඇරගත්තා මදිවවාට, සරත් ෆොන්සේකාට දීල මැහුම් දාගත්තා මදිවාට දැන් එකපාර චන්ද්‍රිකාට සහ සරත්ට දෙන්නටම මාරුවෙන් මාරුවට දෙන එකද, ජවිපෙ අලුත්ම පැරඩයිම් එක? කොහොමද දන්නේ නෑ නේද ඕක දයලෙක්තිකයෙන් පහදන්නේ? නෑ මේ නිකං අහන්නේ දැනගන්න..

            හැබැයි මේ සියල්ල අවසානයේ එකක් කිව යුතුය. මේ ලියන්නා ද, මෑත අතීතයේ බොහෝ දේශපාලන ආස්ථාන වලදී ජවිපෙ සමග සහයෝගයෙන් කටයුතු කළ එකෙකි. එහෙත් අහන්නට අකැමැති තිත්ත ඇත්ත කතා කරන්නට තරම් එකෙක් හෝ එඩිතර වූ විට, ඌට පෙරළාගෙන පහරදෙමින් ගරිල්ලා ඇටැක් දෙන්නට එන්නේ නම්, අන්න එදාට අපෙනුත් ප්‍රතිචාර බලාපොරොත්තු වන ලෙස සිහිපත් කරමු. නිකං තියෙන පුකේ මැහුම් දමාගන්නට ජෙප්පෝ තරම් හපනුන් ඉන්නවා යයි හිතන්නට බැරිය. එහෙත් එකම මැහුම වුණත් අරින අරින ගානට කපා මහන්නට සිද්ද වේ නම් එය මැහුම් දමන්නාගේ රස්සාවට කරන බරපතළ අපරාදයකි: එකම ගඳ ගහන හඩු පුකවල් බැලීමට ඒ අසරණයා හට බල කිරීම ලොවෙත් අපරාදයකි.

          • “පේරා කියන බේසමෙන් එලියට ආවොත් ඒ උන්දැලැට ජීවත් වෙන්න අමාරුයි. රස්සාවක් කරගන්න අමාරුයි”…………. අඩෝ මේක නම් පට්ට කියමන් ඈ…… උබේ විඤ්ඤනේ නම් පට්ට ඕයි. උබේ මුල් ප්‍රකාශය නම් සිරා තෙරුන් නෑ. ඒත් මේකෙන් නම් උබේ බුද්ධ් මට්ටම තේරුම් ගත හැකි. ඕන ඩෙයක් කියන් නා ගනින් මෙහෙම කියල නා ගන්න එපා ඕයි. අඩෝ ඕක කීවාම මෙහෙම නම් කියන් නෑ “මෙහෙම කිව්වාම කියයි ධනපති සමාජයේ රෙකමදාරු අපිට ඕනෙ නෑ කියල”. අහන්න තියෙන්නෙ ප්‍රශ්න දෙකයි. එක උබ කැම්පස් කියලා ගියේ මොන්ටිසෝරියකටද? දෙක, උබ තාම ගුලක් අස්සෙ රින්ගන් ඉන්න එකෙක්ද කියලා. සිරා, උබ මේ බ්ලොග් වල කොටන් නැතුව එලි පහලියට ගිහින් පොඩ්ඩක් මනුස්සයෙක් හරි මොකෙක් හරි ආශ්‍රය කරපන් බං, පොඩ්ඩක් හරි ඇස් කන් ඇරලා ලෝකේ දිහා බලහන්.හ හැබැයි ෆුඩ් සිටියට යන්න එපා බං ඈ. මේක දකින්න කලින්, උබේ පජා පෝස්ට් දැකලත් උබ මොකෙක් හරි එකෙක් කියලා හිතන් හිටියේ. දැන් නම් උබේ තත්වේ හරි බං.

          • @තහනම් වචන

            ” බිම පෙරළාගෙන හම යනතුරු අතවර කළ”
            “සිය ශුක්‍රාණු ගඳ වෑහෙන සක්කිළි දහදුරාව වහගන්නට හදන එක ඉවසා සිටිය හැකිය”
            “වෛශ්‍යා පුත්‍රයෝ සිය සමලිංගික ආතල් එක උන් උන්ගේ බඩු / කොලු පොට්වල කරගන්නේ ”
            ” බ්ලොග් අවකාශය තුළ අම්මගෙ රෙද්දේ”
            “උන්ගේ අම්මගෙ රෙද්දේ”
            “ඉරිච්චි පුක දැන් මැහුම් දාල ඉවරද”
            ” වංගෙඩි ඉරාගත්තා මදිවාට, ඒ කරලත් අන්තිමට කොටාපු වංගෙඩි කබලත් නැතුව පුකට පයින් දෙකක් ”
            ” ඌට පෙරළාගෙන පහරදෙමින් ”
            “නිකං තියෙන පුකේ මැහුම් දමාගන්නට”
            “අරින අරින ගානට කපා මහන්නට සිද්ද වේ නම් ”
            “ගඳ ගහන හඩු පුකවල් බැලීමට ”

            මචන් උඹ සමුහ දුෂණයකට ලක් වුනාද ? කට්ටිය සෙට් වෙලා වැඩේට කලින් උඹට ගැහුවද? මචං මුලින් හොද දොස්තර කෙනෙකුට කියල බාහිර තුවාල වලට බෙහෙත් දා ගනින්. පස්සේ මානසික වෛද්‍ය වරයෙක් හම්බ වියන් මචං. උඹ මුලින් සනීප වියන්කෝ පස්සේ අපි දේශපාලනය කථා කරමු.

            අඩේ මුන් උඹට කරපු දේනම් පවු බන්. උඹට ඉක්මනට සනීප වෙන්න කියල පතනවා මචං.සුබ අනාගතයක්!

            @චමිල

            කඩේ යන්න ලෙඩ්ඩු අල්ල ගන්න එපා බන්. බලහන් උත් එක්ක කතා කරන කොටත් වමනෙට එනවා. ඌ කතා කරන කොට කියන්නේ උට වෙච්ච් සිද්දියනේ බන් හරිම ගුජුප්සාවයි බන්.

          • @LIH හෙවත් ලිංගික ඉරිසියාකාර හෝන්තුව වෙත:

            දැන් ඔබතුමා මානසික රෝග ගැන කියන්න එන්නේ,

            * අන්තරේ පාලනය යටතේ පවතින සරසවි ඇතුළේ රැග මුවාවෙන් කෙල්ලන්ට කුණුහබ්බ දෙසාබාන එකද?
            * ඇඳන් ඉන්න ජංගියේ පාට කියන්න කෙල්ලන්ට බලකලාම ඒකට උත්තර නොදීපු කෙල්ලන්ව කොන්කරන එකද?
            * පේරා ඩොම් එකේ / ෆ්‍රෑට් එකේ සින්නො ජුන්නන්ට දෙන රිළා ආතල් එකද? නැත්නම් ෆ්‍රිජ් ආතල් එකද?
            * බඩදරු අම්මලාව මනෝ පුටුවේ වාඩි කරවන ජාතියේ අමානුෂික සක්කිළි බලු ආතල් එකද?

            මට මානසික රෝග ගැන කියන්න එන්න කලින් ඔබතුමා ජම්පා හදාගෙන ඉන්නකෝ..

          • @තහනම් වචන

            උඹ මුලින් සනීප වියන්කෝ පස්සේ අපි දේශපාලනය කථා කරමු.

  7. චමිල මේ පෝස්ට් එකෙන් සහ ඊට උඩ පෝස්ට් එකෙන් කියන්න යන දේශපාලන කාරනාව මොකක්ද කියා මට පැහැදිලි නැහැ. මේ ලිපිය උදුල් ප්‍රේමරත්න කියන චරිතය ගැන කරලා තියෙන ලාමක විහිලුවක්. ශිෂ්‍ය වයාපාරය විසින් තමන්ගේ ආතල් කුඩු කරනව කියල හිතාගෙන ඉන්න සයිබර් ස්පේස් හීනමානකාරයෝ ටිකකට නම් මේ වගේ ලිපියකින් පොඩි සතුටක් ලබා ගන්න පුලුවනි උපරිම වශයෙන්. ශිෂ්‍ය ව්‍යාපාරය ගැන චමිලට තිබෙන විවේචනය සංයුක්තව ලියනවා නම් ඒ ගැන විධිමත් සංවාදයක් ආරම්භ කරන්න පුලුවනි. මේ වගේ ලාමක විහිලු ස්ථානගත වෙන්නේ වෙනැත් තැනක බවයි මගේ අදහස.ශිෂ්‍ය ව්‍යාපාරයේ අඩුපාඩු කම් පැවතිය හැකි වුවත් ආත්මාර්ථකාමය සහ පුද්ගලවාදය පරමාදර්ශ වී තිබෙන සමාජයක එය විසින් පසුගිය කාලයේ දිගටම පෙන්නුම් කලේ වෙනස් පරමාදර්ශයක්. අධ්‍යාපනය අයිතියක් මිස වෙලද භාන්ඩයක් නොවේ කියන මතය සමාජගත කරන්න එම ව්‍යාපාරය විශාල කැපකිරිමක් මහන්සියක් දේශපාලනයක් කරලා තියෙනවා. මේ මොහොතේත් කරමින් සිටිනවා. ඒ සම්බන්ධ විවේචනයක් තිබේ නම් එය විධිමත්ව ඉදිරිපත් කරනවා විනා ඒ සමාජ මහන්සිය නිකම් ජෝක් කරමින් කිසිම සමාජ වැඩක් නොකරන සයිබර් ස්පේස් නිකමුන් ටිකකට ආතල් එකක් සැපයීම හැර වෙන දෙයක් මේ වගේ ලිපි වලින් සිදුවන්නේ නැහැ.

    • රාමා මේක ඇත්තටම satire මිසක් වෙන මොනවත් නෙමෙයි. මේ ලිපියෙ දේශපාලනික අරමුණක් නැත්තෙම නැති තරං. ඒත් මීට කලින් ලිපියෙ දේශපාලනික අරමුණක් තියෙනව. ඒත් මේකට “සංවාදයට“ ආපු “මචං“ ඒ අරමුණ පැත්තකට දාලා උදුල් වන්දනාවෙ යන්න ගිය නිසයි ඒක විහිලුවට ගත්තෙ. අන්තරේ ගැන මම එකපාරක් ලිව්වා සහ රාමා ඒ ගැන සංවාදයක් කලා. මම තව එකක් ලියන ගමන්. ඒතකොට කතා කරමු.

      රාමට වැරදුන එක තැනක්. මේක ලාමක විහිලුවක් නෙමෙයි. මීට කලින් පෝස්ට් එකේ කමෙන්ට්, මේ පෝස්ට් එක සහ ඒකට වැටුන කමෙන්ට් දැක්කාම ඔබ කියන විදියට අන්තරෙන් ඇත්තටම වෙනස් පරමාදර්ශයක් දුන්නද කියලනං ලොකු සැකයක් එනව. ඒ ගැන කරපු විහිලුවක් ලාමක වෙනවද කියන එක අන්තරේ පැත්තෙන් හිතන්න ඕන දෙයක්.

      • රාමචන්ද්‍ර කියනවා වගේ හරි කථිකාවක් පටන්ගන්න.නොදන්න අපිටත් ඉගෙන ගන්න පුලුවන්.අලයා කියන එකත් නවතියි.

        • අලයා කියන එක තමයි මට මාර අවුල වෙලා තියෙන්නෙ මේ දවස් වල. සිහ්. මානසිකව වැටෙනවා අප්පා අලයා කිව්වාම. මටත් අයිතිවාසිකම් වෙනුවෙන් ජවිපෙට කඩේ යන්ඩ තිබ්බෙ.

          • මොකෙක් හරි කොමෙන්ට් එකක් දැම්මාම උබත් පණ කඩන් ඒවාට අලුතින් පෝස්ට් පිටින්ම දානවා නේහ්. එපා බං එච්චරම කඩේ යන්න. :p

          • මම කීව දේ සනාථ කරන හොද නිදසුනක් “තහනම් වචන” බ්ලොග් එක ලියන මිත්‍රයා සපයා දී තිබෙනවා. ඔහු ඔබේ පෝස්ට් එක උපුටමින් ලියා තිබෙන ලිපිය ආරම්භ කරන්නේ ” තවම ඩිග්‍රිය කරගන්න බැරි උන උදුල්” යනුවෙන්. ඩිග්‍රිය කරගන්න එක ජීවිතයේ එකම පරමාදර්ශය කරගත්ත, ඒ සහතික කෑල්ල තමයි ජීවිතය කියල විශ්වාස කරන සමනලයින්ට අනෙකා වෙනුවෙන් එවැනි දෙයක් අතහැරීම කියන්නේ තේරුම් ගන්න බැරි සංසිද්ධියක්. ඒ අය ඉන්න පැරඩයිම් එක ඇතුලේ සාර්ථක ජීවිතය කියන්නේ ඩිග්‍රිය කරගෙන, කසාදයක් බැදල, ගෙදරක් හදාගෙන, පවුලක් වෙලා ලමයින්ව හොද කියල කියන නාගරික ඉස්කෝලෙකට දාගෙන ඒ ලමයින්ව මල් වගේ උස්මහත් කරන සමකාලීන මැද පංතික ජීවිතය.පෘතුවි කේන්ද්‍රවාදී පැරඩයිමය තුල සිටින කෙනෙක්ට සූර්ය කේන්ද්‍රවාදය තේරුම් ගන්න එක අමාරුයි වගේ මේ වගේ අයට උපාධිය අත්හැරීම වගේ සංසිද්ධියක් වටහා ගන්න බැහැ. ඔබේ ලියමන උපරිම වශයෙන් උදවු වී තිබෙන්නේ එවැනි මානසිකත්වයක් තිබෙන අයට සතුටක් ලබාදීමට විනා ශිෂ්‍ය ව්‍යාපාරය ගැන විධිමත් සාකච්ඡාවක් ඇතිකිරීම සදහා නොවේ. මේ ප්‍රවේශයට මම එකග නැත්තේ ඒ නිසා.

          • ඔය “ඩිග්‍රිය ලොකු නෑ ” තියරිය දේශපාලන මට්ටමට ගෙනාවේ විමල් කල්ලිය. ලංකාවේ ජාතිකවාතය (ජාතිකත්වය නෙමේ හරි) මාකට් කරන කල්ලි පහක් ඉන්නවා. එක නලිනාගමික කල්ලිය. දෙක: විමලාගමික කල්ලිය. තුන: භික්ෂු කල්ලිය (මේකට බොබසේ, සි.රා වැනි ඒවා ඇතුළත්). හතර: හෙළ උරුම කල්ලිය. පහ: මරා කල්ලිය.

            මේ කල්ලි පහම කතා කරන්නේ ජාතිකත්වය ගැන. නමුත් ඇත්තටම බොහෝවිට ඔවුන් කරන්නේ ඒ හරහා පුද්ගලික ඇජෙන්ඩා පිරවීමයි. මේවා අතරත් ගැටුම් නෑ නෙමේ. මුස්ලිම් ගෙදරක මිනිහා බෙදාගන්න බැරි ගෑණු වගේ මුනුත් එකා එකා කා ගන්නවා.

            ඒ හැඳින්වීමෙන් පස්සේ ආයෙත් ප්‍රස්තුතයට ආවොත්, මේ “ඩිග්‍රිය ලොකු නැති” විමල් සහ සමාගම (හෙවත් පරණ ජවිපෙන් විසික්කා කරපු මඩ පුවක් තියරිය තාමත් උස්සං යන උන්දෙලාගේ සමාගම) හරහා තමා මේ වෙස්සන්තර තියරිය මාකට් වුණේ. ඩිග්රි නැති නමුත් ඉතාම දක්ෂ මිනිස්සු අපට ඕනෑතරම් මුණගැහිලා තියෙනවා. ඒ නිසා මේක උපාධිධාරී නොවන මිනිස්සුන්ට කරපු අපහාසයක් විදියට ගන්නෙපා. හැබැයි අවුරුදු ගාණක් දුක් මහන්සිවෙලා ඔතනට යවාපු අම්ම අප්පා වෙනුවෙන් කරන්න ඕනේ යුතුකම් ටික නොකර, ජීවිතේට වෙන්නේ නැති අරමුණු වෙනුවෙන් කඩේ යාම කියන දේ නම් උපහාසයට ලක් කළාට වරදක් නැති බවයි මගේ මතය.

            දැන් අහවි, ඇයි එහෙම කියන්නේ කියල. පිළිතුරු මගේ ඊළඟ ලිපියෙන්.

          • @ තහනම් වචන –

            1. උදුල් ප්‍රේමරත්නගේ ශිෂ්‍යභාවය අහෝසි කරන්නේ හෝ සංජීව බන්ඩාර සිරගත කරන්නේ ඔවුන් සංවිධානාත්මක ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයින් වන නිසාය. සංජීවව මෑතකදි අත්අඩංගුවට ගත්තේ අධ්‍යාපනය පෞද්ගලිකකරනයට එරෙහි උද්ඝෝෂනයකට ඔහු නායකත්වය දුන් නිසාය. ශිෂ්‍යභාවය අහෝසිකිරීම සහ එවැනි වෙනත් මර්දන ක්‍රියා අම්ම අප්පට යුතුකම් ඉටු කිරීම වැනි සදාචාර ප්‍රශ්නයක් නොව දේශපාලනික ප්‍රශ්නයකි.

            2. අධ්‍යාපනය වෙලද භාන්ඩයකි කියන අධිපති අදහසට විකල්පව අධ්‍යාපනය අයිතියකි කියන තේමාව යටතේ මතවාදයක් සංවිධානය කිරීම සමාජ වැඩකි. සමාජ වැඩ කරන්න යද්දී පුද්ගලික ජීවිතයේ යම් යම් දේවල් අත්හැරේ. ඒ බව සමාජ වැඩ නොකරන්නවුන්ට කිසිදිනෙක වැටහෙන්නේ නැත. නෙල්සන් මැන්ඩෙලාට සිය තරුන ජීවිතය අහිමි වූයේ ඔහු සමාජ වැඩක් කරන්න මහන්සි වූ නිසාය. ස්ටීව් බිකෝට ඔහුගේ ශිෂ්‍යභාවය පමනක් නොව ජීවිතයත් අහිමි වූයේ ඔහු සමාජ වැඩක් කරන්න මහන්සි වු නිසාය.ඔබ උගත් සරසවියේ වෙනුර එදිරිසිංහට හෝ පද්මසිරි ත්‍රිමාවිතානට ද එ‍සේය. සමාජ වැඩ නිසා සිය පුද්ගලික ජීවිත වල කැපකිරීම් කල වෙනත් උදාහරන අපමන ලෝකයෙන් ගෙන හැර දැක්විය හැක.

            මෙහිදී නීතිඥයෙක් ලෙස ඉපැයිය හැකිව තිබූ පුද්ගලික ධනයත් සිරගත වීම නිසා අහිමි වූ එම ධනය ඉපයීමේ හැකියාවත් සසදා යමෙක්ට මැන්ඩෙලා යනු තම අම්මා අප්පාට යුතුකම් ඉටු කරන්ට නොදත් මෝඩයෙක් යැයි අවශ්‍ය නම් කිව හැක.එහෙම කියන්නා තුල වැඩ කරන්නේ සිය පුද්ගලික ලෝකයට එහා ලෝකයක් ඇතැයි සිතාගත නොහැකි ආකාරයේ නරුමවාදයකි. එම නරුමවාදය ගැන මා පුදුම නොවන්නේ මේ යුගයේ රජයන දෘෂ්ටිවාදය එම නරුමවාදයම වන හෙයිනි.

            ( මා මෙතැන මැන්ඩෙලාව නිදසුන් කලේ චේ ගෙවාරා වැනි ඊට වඩා හොද නිදර්ශන බොහෝ තිබුනද එවැනි නිදසුන් ඔබට අපුල විය හැකි බව දන්නා නිසාය )

            3. සමාජ වැඩ වෙනුවෙන් පුද්ගලිකත්වය කැප කිරීම සහ විමල් වීරවංශ අතර කිසිම සම්බන්ධයක් නැත. ඔබ වෙස්සන්තර තියරිය යනුවෙන් හදුන්වන දෙයට විමල් වීරවංශව පසු කර යන විශාල ඉතිහාසයක් තිබෙන අතර වර්තමානයක් මෙන්ම අනාගතයක් ද තිබේ. කොටින්ම කිවහොත් – ලෝකය වෙනස් වූයේ හා ප්‍රගතිය කරා යන්නේ තමා ගැන පමනක් සිතන පුද්ගලවාදීන් හා නරුමයින් නිසා නොව අනෙකා වෙනුවෙන් ස්වකීයත්වය කැප කරන්ට තරම් ධෛර්යයක් තිබෙන සමාජ පෞරුෂයක් සහිත මිනිසුන් නිසාය. සිය විශ්වාසය වෙනුවෙන් ගින්නට බිලිවිම තෝරාගත් බෲනෝ වැඩවසම් යුගයේ මිනුම් දඩු අනුව ගත්විට පිස්සෙකි. අසාර්ථක මිනිසෙකි. එහෙත් බෲනෝ වැන්නවුන් නොසිටියා නම් යුරෝපය තවමත් පසුවන්නේ අදුරු යුගයේය. ඩිග්‍රිය කඩාකප්පල් කරගැනීම ගැන මගේ අදහස එයාකාරය.

          • @රාමා

            //උදුල් ප්‍රේමරත්නගේ ශිෂ්‍යභාවය අහෝසි කරන්නේ හෝ සංජීව බන්ඩාර සිරගත කරන්නේ ඔවුන් සංවිධානාත්මක ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයින් වන නිසාය.//

            මේක මෙහෙමම කියන්න බැහැ. ශිෂ්‍ය ව්‍යාපාර මර්ධනයක් නෑ කියන්න බැරි අතරම ශිෂ්‍ය ව්‍යාපාරය එක පැත්තක අරමුණු වෙනුවෙන් කඩේ යවන්න මේ “නායකයො“ කටයුතු කරනව. පොලිසියට පහර දෙන්න, රටේ ආරක්ෂාවට තර්ජනය වෙන විදියට කටයුතු කරනවනං (මේ කියන්නෙ ගොන් පාට් රටේ ආරක්ෂාව නෙමෙයි, සාමාන්‍ය ජනයාගේ ආරක්ෂාව) ඒක නීතියට අනුවත් සමාජ සාධාරණයට අනුවත් වැරැද්දක්. මේ කියන “නායකයො“ හැසිරෙන්නෙ මේව කඩන්න ඉඩක් හොයන ගමන්. ඊට පස්සෙ ඒවට වෙනස් අර්ථකතන යෙදෙනව ශිෂ්‍ය ව්‍යාපාරයක නායකයෙක් වුන පලියටම අත් අඩංගුවට ගන්නව කියල. අනික අත් අඩංගුවට ගැනීම උපාධිය නිම නොකර සිටීමට කවදාවත් හේතුවක් නෙමෙයි. මේව ගැන වැඩිදුර දැනට සකසන ලිපියෙ තියෙනව.

            //සමාජ වැඩ කරන්න යද්දී පුද්ගලික ජීවිතයේ යම් යම් දේවල් අත්හැරේ//

            // නෙල්සන් මැන්ඩෙලාට සිය තරුන ජීවිතය අහිමි වූයේ ඔහු සමාජ වැඩක් කරන්න මහන්සි වූ නිසාය//

            //ස්ටීව් බිකෝ//

            // සමාජ වැඩ වෙනුවෙන් පුද්ගලිකත්වය කැප කිරීම සහ විමල් වීරවංශ අතර කිසිම සම්බන්ධයක් නැත//

            // ලෝකය වෙනස් වූයේ හා ප්‍රගතිය කරා යන්නේ තමා ගැන පමනක් සිතන පුද්ගලවාදීන් හා නරුමයින් නිසා නොව අනෙකා වෙනුවෙන් ස්වකීයත්වය කැප කරන්ට තරම් ධෛර්යයක් තිබෙන සමාජ පෞරුෂයක් සහිත මිනිසුන් නිසාය//

            ඇතුලු තවත් දේට උත්තරත් එනව. රාමා වරද්ද ගත්ත දේවල් අතුරින් වැදගත්ම දේ අන්තරේ මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයටත් නිදහස් අධ්‍යාපනයටත් දේශපාලනිකව හෝ වෙනත් ආකාරයක ධනාත්මක වෙනසක් ඇති කරන්න යනව කියල විශ්වාස කිරීම. ඔබ කතා කරන්නෙ ඒ මට්ටමේ ඉඳල. මම කියන්නෙත් එහෙම දෙයක් නෑ කියල.

          • ශිෂ්‍ය ව්‍යාපාරය තුල ඇති පක්ෂ දේශපාලනය සහ එක එකාගේ චර්යාවන් මොහොතකට අමතක කර දමා නිදහස් අධ්‍යාපනය රැකගැනීම,සිසු අයිතීන් රැකගැනීම සඳහා ඔවුන්ගේ අරගලය සාධාරනීකරණය කල නොහැක්කේ ඇයි?

          • @ චමිල –

            ජූනි 21 පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව කරපු උද්ඝෝෂනයකට සම්බන්ධ වීම නිසා ජයවර්ධනපුර සිසුන් 21 දෙනෙක්ගේ පංති තහනම් කලා. සබරගමුවේ ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට විරුද්ධව උපවාසයකට සම්බන්ධ වූ සිසුන් 47 දෙනෙක්ගේ පංති ඒ මාසයේ ම තහනම් කලා.මෙහෙම බුරුතු පිටින් සිසුන්ගේ පංති තහනම් වෙන්නේ ඒ අය “ජාතික ආරක්ෂාව” කියා ඔබ හදුන්වන දෙයට විරුද්ධව වැඩ කරන නිසාද? බොහෝ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ පංති තහනම් වෙන්නේ ශිෂ්‍යභාවය අහෝසි වෙන්නේ ඔවුන් ශිෂ්‍ය ක්‍රියාකාරීන් වූ නිසා මිස පොලිසියට පහර දීමක් කරන්න ගිය නිසා නෙමෙයි. ජූනි 21 දින ජපුර උද්ඝෝෂනයේදී පොලිසියට පහර දුන්නේ කවුද? සබරගමුව සිදුවීමේදී පොලිසියට පහර දුන්නේ කවුද? සංජීව බන්ඩාර රිමාන්ඩ් කලේ ජපුර පංති තහනම් කිරීම් වලට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂනයක් අමතා කථා කලා කියන චෝදනාව මත. ඊට පෙර නඩුවකදී ප්‍රසිද්ධ රැස්වීම් අමතා කථා නොකරන ලෙසට ඔහුට ඇප කොන්දේසියක් පනවා තිබේ!! අවිශිබම ‘අඩුපාඩු” ගැන මාගල් දිග කමෙන්ට් කොටන මහත්වරුන්ට රජයේ මෙම මර්දනය නොපෙනෙන්නේ ඇයි? ප්‍රසිද්ධ රැස්විම් අමතා කථා නොකරන ලෙස ඇප කොන්දේසි පැනවීම සාධාරනීකරනය කරන්නේ කවර තර්කය අනුවද?උද්ඝෝෂන කිරීම හෝ පෙලපාලි යාම ශිෂ්‍ට සම්පන්න රටක මූලික අයිතියක්. කැනඩාවේ ක්වෙබෙක්වල හෝ චිලිවල මෑතකදී ඇති වූ ශිෂ්‍ය අරගල දිහා අවශ්‍ය නම් බලන්න. ඒ අය විරෝධය පල කරන්නෙත් මේ විදිහටම තමයි. පාලකයාගේ ‘නීතිය’ අනුව එය වරදක් විය හැකි වුවත් ‘යුක්තිය’ අනුව එය වරදක් නොවේ.

            ජූලි 03 දින විශ්ව විද්‍යාල සිසුන් දහස් ගනනකගේ සහභාගීත්වයෙන් අධ්‍යාපනය පුද්ගලිකකරනයට එරෙහි පාගමනක් රජයේ සියලු බාධාකිරීම් නොතකා කොලඹ දී තිබුනා. ඒ පාගමන මැඩපවත්වන්න රජය යෙදූ උත්සාහයන් ගැන ඔබේ අදහස කුමක්ද? සිසුන්ගේ ගෙවල්වලට රහස් පොලිසිය යවා ඔවුන්ගේ දෙමවුපියන්ට තර්ජනය කිරීම ගැන ඔබේ අදහස කුමක්ද? පේරාදෙනිය මහා ශිෂ්‍ය සංගම් සභාපතිවරයා පහුගිය මැයි වලදී පැහැර ගැනීමට ලක්වෙනවා.ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය නතර කරන ලෙස ඔහුට තර්ජනය කෙරෙනවා. මේ ගැන ඔබ දරන අදහස කුමක්ද? මේ ක්‍රියාකාරීන්ට මෙහෙම තර්ජනය කෙරෙන්නේ ඒ අය රජයේ අධ්‍යාපන/ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමෙහිලා ප්‍රශ්නයක් වී ඇති නිසා මිස වෙන කුමක් නිසාද?

            සංජීව අත්අඩංගුවට ගන්නේ ඒ පාගමනේ සාර්ථකත්වයෙන් පසුව.මෙතැන තියෙන්නේ ජාතික ආරක්ෂාවක් ගැනවත් සමාජ සාධාරනත්වයක් ගැනවත් ප්‍රශ්නයක් නෙමෙයි රජයේ නිල ආර්ථික/අධ්‍යාපන ප්‍රතිපත්තිය ශිෂ්‍ය ව්‍යාපාරය විසින් පිලිනොගැනීම පිලිබද ප්‍රශ්නයක්. ඒක දේශපාලන ප්‍රශ්නයක්.

            //රාමා වරද්ද ගත්ත දේවල් අතුරින් වැදගත්ම දේ අන්තරේ මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයටත් නිදහස් අධ්‍යාපනයටත් දේශපාලනිකව හෝ වෙනත් ආකාරයක ධනාත්මක වෙනසක් ඇති කරන්න යනව කියල විශ්වාස කිරීම.//

            ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ අවිවිශිබම.ඒ හැර ශිෂ්‍ය ව්‍යාපාරයක් ලංකාවේ නැහැ. පිලිගන්න කැමති උනත් අකමැති වුනත් ඇත්ත ඒක. පසුගිය ඉතිහාසය පුරා අවිවිශිබම සමාජගත කල මතවාදයක් තිබෙනවා. සටන් කල මතවාදයක් තිබෙනවා. ඒ මතවාදය වෙනුවෙන් පෙනි සිටි වෙනත් එක ශිෂ්‍ය සංවිධානයක් හෝ තිබේ නම් එය පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි. අන්තරය ‘වීරෝදාර’ ලෙස ‘එලවා දැමූ’ කොලඹ විශ්ව විද්‍යාලයේ ඊනියා ශිෂ්‍ය සංගම් අධ්‍යාපන පුද්ගලිකකරනය ගැන පැවැත්වූ එක සංවාදයක් – උද්ඝෝෂන අරගල පසෙක තිබුනාවේ!- ගැන තොරතුරක් මට දිය හැකිද? ජූලි 03 දින ‍පාගමන කොලඹ සරසවිය ඉදිරියෙන් ඇදෙනවිට කොලඹ සරසවියේ මානව මානවිකාවන් සිටියේ ක්‍රිකට් ගසමිනි. සමර් හට් තුලට වී පෙම් බස් තෙපලමිනි. කොලඹ සරසවියේ විද්‍යා පීඨයේ පලමු වසර සිසුවියක අධ්‍යාපන පිඩාව දරාගත නොහැකිව පසුගිය දිනෙක සියදිවි නසාගත්තාය.විද්‍යා පීඨයේ පලමුවසර දේශන තිබෙන්නේ අඩුම තරමින් කැම පැය සදහා විවේකයවත් ලබා දෙන්නේ නැතිවය. අඩු තරමින් ඒ ප්‍රශ්නය ගැනවත් කථා කරන්නට තරම් කශේරුවක්/අනෙකා පිලිබද/පොදු ප්‍රශ්න පිලිබද සංවේදිකමක් අන්තරය එලවා දැමූ ඊනියා ශිෂ්‍ය සංගම් නායකයින්ට නැත!! සිසුහු කිසිවක් සිදු නොවුනා මෙන් උදේ හවස ලෙක්චර්ස් යති.

            අවිවිශිබම තුල අඩුපාඩු නැතැයි මම කිසිවිට නොකියමි. අඩුපාඩු රහිත සමාජ ව්‍යාපාර ලෝකයේ ‍කොහේවත් නැත. ඒත් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අවිශිබම කල හා කරමින් සිටින මැදිහත්වීම / ඒ වෙනුවෙන් ඔවුන් වැය කොට ඇති දේශපාලන මහන්සිය හා සැසදූ විට අන් කිසිවෙක්ට ඒ වෙත කිට්ටු විමටවත් නොහැක. ඒ සමාජ ශ්‍රමය ජෝක් කිරීම හෝ එය නොදුටුවා සේ සිටීම මට අනුව නම් කුහක වතකි.

        • @රාමා:

          කොළඹ සරසවියේ විද්‍යා පීඨය ගැන පුද්ගලිකව දන්නා නිසා කියන්නේ. අන්තරේ තිබ්බ කාලේ ගැන කියනවා නම් කෙල්ලන්ට ඩෙනිම් අඳින්න තහනම්, කැන්ටිමෙන් සෝටීස් කන්න තහනම්, කොකා කෝලා බොන්න තහනම්, මේ ආදී වශයෙන් නානාප්‍රකාර තහංචි මැද ශිෂ්‍ය ප්‍රජාව අන්ත අසරණ මට්ටමට ඇද දමමින් අන්තරේ ගෙනගිය කෘර මර්දනකාරී ශිෂ්‍ය “දේශපාලනය” ගැන කථා කරන්න ගියොත් බ්ලොග් එකක්ම ලිව්වැකි.

          අනික ඔබ කියනවා ශිෂ්‍යාවක ගේ සියදිවි නසාගැනීමක් ගැන. මොහොතකට මට හිතුණේ මෙය නවකවදය හා සම්බන්ධ කරන්න හදනවා ද කියා. වැරදිලාවත් නෑ. එතැන තිබ්බේ මානසික පීඩනය.

          අධ්‍යාපනය පුද්ගලීකරණය යනු මෙරට අධ්‍යාපන ක්‍රියාවලියේ නොවැලැක්විය හැකි ඉදිරි පියවරකි. අපට කළ හැක්කේ ඒ වෙනසින් සිදුවන හානිය අවම කිරීම සහ ඒ වෙනසට ඔරොත්තු දෙන පරිදි ශක්තිමත් වීම මිස, කිසිදා සිදු නොවන ඊනියා විප්ලව පෝෂණය කරනු පිණිස සිය යෞවනය සහ අධ්‍යාපනය බිල්ලට දීම නොවේ.

          කොළඹ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය දුර්වල යැයි ඔබ කියයි. එසේනම් එය කඩා බිඳ දැමීමේ වගකීමද හිමිවන්නේ වෙන කාටවත් නොව, ශාස්ත්‍ර පීඨයේ සිට මෙහෙයවනු ලබන ජවිපෙ හිතවාදී කල්ලිවලට බවත් මා නොබියව කියා සිටිනවා.

          සංජීව අත් අඩංගුවට ගැනීම හා දිවෙන රාජ්‍ය මර්දන ක්‍රියාපිළිවෙත ගැන අපේ ඇත්තේ ද ඔබේ ඇති විරෝධයම තමා. ඒ කාරණාවේදී (පමණක්) අප සංජීවගේ පාර්ශ්වයේ සිටිනවා. එසේම උදුල් ප්‍රේමරත්න සම්බන්ධව වුණත් අපේ ස්ථාවරය එයම තමා.

          නමුත් මේ කරන්නා වූ “උදුල් තමා පොර” කියා පිම්බවීමේ ක්‍රියාවලිය නම්, නිර්දය උපහාසයට ලක්වීම වළක්වන්න බැහැ.

          • @තහනම් වචන
            “සංජීව අත් අඩංගුවට ගැනීම හා දිවෙන රාජ්‍ය මර්දන ක්‍රියා පිලිවෙත ගැන අපේ ඇත්තේද ඔබේ ඇති විරෝධයම තමා”
            ඒ විරෝධය විශ්ව විද්‍යාල ප්‍රජාවෙන් ඔබ්බට ගෙනගොස් සමාජ කථිකාවක් හා වඩාත් පලල් ලෙස බද්ධ කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ඇත්තේම නැද්ද? ප්‍රශ්නයක් පමනි.මා ඔබට ඇඟිල්ල දිගු කරනවා නොවේ.

        • @ තහනම් වචන –

          1. විද්‍යා පීඨය අවිශිබමට අවසාන වශයෙන් සම්බන්ධ වී සිටියේ කොයි කාලයේද? ඒ ගැන තොරතුරක් මට සැපයිය හැකිද?

          2. නවකවදය ගැන මට තිබෙන්නේද විවේචනාත්මක අදහසකි. එහෙත් නවකවදය අවිශිබමට අයත් විශ්ව විද්‍යාලවලට ලඝු කරන්නට යාම දැන දැන කරුනු විකෘති කිරීමකි.අවිශිබමට අයත් නැති කොලඹ සරසවියේ පීඨ වල නවකවදය ඉතා යහමින් ක්‍රියාත්මක වේ. වැඩි විස්තර ඒ ගැන දැනගැනීමට ඇවැසි නම් මේ දිනවල රාත්‍රියේ කිත්‍යාකර නේවාසිකාගාරය පැත්තේ රවුමක් ගසා පැමිනෙන්න.විද්‍යා පීඨයේ ද නවකවදය තිබෙන බව ඔබ එහි සිසුවෙක්ව සිටියා නම් දන්නවා ඇත.

          3. //කොළඹ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය දුර්වල යැයි ඔබ කියයි. එසේනම් එය කඩා බිඳ දැමීමේ වගකීමද හිමිවන්නේ වෙන කාටවත් නොව, ශාස්ත්‍ර පීඨයේ සිට මෙහෙයවනු ලබන ජවිපෙ හිතවාදී කල්ලිවලට බවත් මා නොබියව කියා සිටිනවා.//

          කොලඹ ශාස්ත්‍ර පීඨයේ බලය තිබෙන්නේ ඊනියා ජවිපෙ හිතවාදී කන්ඩායමකට නොව එක්සත් ශිෂ්‍ය සංවිධානය නමැති අවිශිබම විරෝධී කන්ඩායමකටය. විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය වගේම මේ සංවිධානය ද තමුන් අදේශපාලනික බව ආඩම්බරයෙන් කියා සිටින පිරිසකි. කිසිදු පොදු සටනකට හෝ පොදු අරගලයකට මොවුන් සම්බන්ධ වන්නේ නැත. ඒවා ඔවුන්ට අදාල ද නැත. පරිපාලනය සමග ඩීල් දා‍ගෙන සිටීම හැර වෙන කිසිවක් විද්‍යා/ශාස්ත්‍ර පීඨ භේදයකින් තොරව මේ කිසිවෙක් සිදුකොට නැත. සිසුවියගේ ප්‍රශ්නය මා ගෙන හැර දැක්වූයේ මේ ඊනියා ශිෂ්‍ය සංගම් අඩු තරමින් තම ප්‍රජාවේ ප්‍රශ්න වෙනුවෙන් වත් පෙනී සිටීමට තරම් කශේරුවක් රහිත අය බව පෙන්වාදීමටය.

          4. //නමුත් මේ කරන්නා වූ “උදුල් තමා පොර” කියා පිම්බවීමේ ක්‍රියාවලිය නම්, නිර්දය උපහාසයට ලක්වීම වළක්වන්න බැහැ.//

          එහෙම කරල තියෙන්නේ කවුද? මට නම් එවැන්නක් පෙනෙන්නේ නැහැ. අවිශිබම ගැන සංවාදයක දී උදුල්ව නැවත නැවතත් ගැනීමේ තාර්කිකත්වයක් ද මට නොපෙනේ. උදුල් අවිශිබම කැදවුම්කාර ධූරයෙන් ඉවත්ව දැන් වසර හතරකටත් වැඩිය.

          5. // අධ්‍යාපනය පුද්ගලිකකරනය //

          ඔබ ඊට පක්ෂ නම් ඒ ගැන අපට වෙනම සංවාදයක් කල හැක. මා දන්නා තරමින් චමිල ඉන්නේ ඊට විරුද්ධ ආස්ථානයකය. අධ්‍යාපනය පුද්ගලිකකරනය කිරීමට පක්ෂ අයෙක්ට අවිශිබම සමාජ ශ්‍රමය නාස්තියක් ලෙස පෙනීම ස්වභාවික වන නිසා ඒ ගැන ඔබ සමග වාද කිරීමට අදහස් නොකරමි.

          • @රාමා:

            1. විද්‍යා පීඨය අවිශිබමයෙන් කැඩී වෙන්වීම ඇරඹුණේ වර්ෂ 2003-04 කාලයේ දී. ඊට පස්සේ 2005-2006 වෙනතුරා සීතල යුද්ධයක් තිබිලා, 2006-07 න් පස්සේ සම්පූර්ණයෙන්ම ඕක ජෙප්පන්ගෙන් ගැලවිලා නිදහස් වුණා.

            2. කිත්‍යාකර නේවාසිකාගාරය පමණක් නොව සියලු පිරිමි නේවාසිකාගාර තවමත් ජෙප්පන්ගේ ග්‍රහණයට හසුවී පැවතීම බලවත් අවාසනාවකි. එහෙත් සරසවි පීඨය තුළ නම් ජෙප්පන්ට කරන්නට දෙයක් නැත.

            3. ශාස්ත්‍ර පීඨයේ ක්‍රියාත්මක වන්නේ ඊනියා නිදහස් ශිෂ්‍ය සංවිධානයක් නොව, මතුපිටින් ලිබරල් වාදී, එහෙත් යටින් ජවිපෙට (දැන් කාට ද දන්නේ නෑ: ඉස්සර ජවිපෙට) කඩේ යන බ්ලැක් ඔප්ස් ටීම් එකක්.

            4. උදුල් පුද්ගලයෙක් ලෙස ගනිමින් ඔහුට පන්න පන්නා පහරදීමේ අවැසියාවක් මට නැහැ. නමුත් ඔහු නියෝජනය කරන පිළේ ක්‍රියාකාරීත්වයේ අවසාන ප්‍රතිඵලය මේ වෙද්දී ඇස්දෙකටම පෙනෙන්න තියෙනවා.

            5. අධ්‍යාපනය පුද්ගලීකරණය විය යුතුය. එහෙත් ආප්ප කඩයක මට්ටමට නොවැටී එසේ විය යුතුය. ජවිපෙට කළ හැකිව, කළ යුතුව තිබු සාධනීයම සහ තීරණාත්මකම යුග මෙහෙවර වුයේ එයයි. එහෙත් ඇත්ත වශයෙන්ම ඔවුන් කළේ ආණ්ඩුවේ ඇජෙන්ඩාව ජනතාව ඉදිරියේ ලොබිගත කරන්නට යාමයි. අවසානයේ ඔවුන්ට රඟහලත් නැත; ගැලරියත් නැත.

  8. මේක බලලා ඇතිවෙච්ච එක හොඳක් තියෙනවා.. ඒ තමා ඊළඟ ලිපියකින් ජෙප්පන්ගේ ශෝකාලාපී ඛේදාන්තය පහදා දෙන්න… මේකෙ ඉන්න සමහර පඩ ජෙප්පන්ගේ ටෝක්ස් දැක්කම කටිං නෙමේ හිනා යන්නේ..

    • මං ඉන්න කැම්පස් එකේ කොල්ලෝ කෙල්ලෝ දහ දාහකට වඩා ඉන්නවා. කැම්පස් ඉන්න උන් ජෙප්පෝ කියන උන්ට මන් කියන එකම අභියෝගය පුලුවන් නම් දහ දාහක් ඉන්න කැම්පස් එකේ ජේ.වී.පීයට ඡන්දේ දුන්නු 100ක් හොයලා දීපන් කියන එක. මොකෙක් හරි කැම්පස් උන් ජෙප්පෝ කියනවා නම් කියන්න තියෙන්නෙ එකයි, උන් කැම්පස් ගිහින් නෑ, නැත්නම් ගියත් උන් අලයෝ.

      • පොටෙන්ශල් වැරදි වැටහීමක් දුරු කරන්න ඕනේ: කැම්පස් යන සියල්ලෝ ජෙප්පෝ නොවෙති. මා එසේ කොහෙවත් කියා නැත.

      • //කැම්පස් උන් ජෙප්පෝ කියනවා නම්//

        මෙහෙම කොහෙවත් කියල නෑ මල්ලි. මේක උඹලගෙ කැම්පස් ස්කෝප් එකට එහා කතා කරන දෙයක්. මම කලිනුත් කිව්වනෙ. අලයා අරයා මෙයා දැන් වැලිඩ් නැහැ. ඔය සානුවෙන් එලියට ඇවිත් බලන්න.

  9. මේක ජෙප්පොයි,පෙරටුගාමියොයි,ඒ දෙකටම නැති අයගෙයි හන්දියේ වලියක් කරගන්නේ නැතුව හරි තැනකින් පටන් ගන්න.කැම්පස් ගිහිල්ලා නැති අපි වගේ උදවිය විමසිල්ලෙන් කියවනවා.

  10. මේ මාක්ස්වාදී අසරණයින් ගැන උඹේ අනිත් පෝස්ට් එකේ මම මෙහෙම ලිව්වා.

    “බ ද වේ නෝ කියෝ. සරල පරිනාමික ක්‍රියාවක් හරහා වඳවී යාම පමණයි ඔවුන්ට සිදුවන එකම දේ. පවු උන්ගේ විප්ලවීය පරිත්‍යාග .”

    ඇත්තෙන්ම මේ කට්ටියට අපිත් එක්ක මේවා ගැන තර්ක කරනවාට වඩා සැහෙන සංකීර්ණ ප්‍රශ්න තියෙනවා, අර අටසිය ගණන් වල ගොබ්බ තියරිය සමාජය මත එලා ගන්න හැදුවාට කොහේටවත් ෆිට් වන්නේ නැහැ. ඒ මදිවට කොච්චර ලොරි ටෝක් දුන්නත් අපිට වගේම මුන්ටත් තියෙනවා අත අරින්න බැරි වගකීම්, සරල බුර්ශුවා පාන්තික සිහින, කුටුම්බ සිහින – මුන්ම එකසිය ගානට බනින ඒවා.

    ඔය අස්සේ මුනුත් කැම්පස් වලින් ට්‍රෙන් වෙලා එන්නේ ඔය ධනවාදී කියා මුන් ලේබලයක් ගහගෙන ඉන්න අන්ත දුෂ්ට දුර්දාන්ත කියලත් හිතාන ඉන්න [අටසිය ගණන් වල එහෙමනේ] යන්තරයේ තරමක් හෝ ඉහල නිලමක්කාරයෙක් වෙන්නනේ. ඉතින් එව්ව ගොඩ දා ගන්නත් ඕනේ.

    ජීවිතේ සද්දන්ත විසන්වාදෙකට කොටු වෙලා තියෙන අවස්තාවක්. මුන් පැතු බෝධිය කාක බෝධියක්.

    ඔන්න ඔය වෙලාවට තමයි වර්තමාන යුගයේ මාක්ස්වාදී විප්ලවීය සහෝදරත්වයට තමන්ගේ හිත නිවා ගන්න ධනේශ්වරයෙන් සෙල්ලම් බඩු ටිකක් හදලා දීලා තියෙන්නේ. එකක් තමා බුකිය. අනික තමා බ්ලොග්ස්පියරය. ඉතින් අම්මා උදේ ඉඳං රෑ වෙනකම් නෙලපන්කෝ “විප්ලවෙට ජයවේවා. මගේ ධනපති සිහින ඇරෙන්න ඉතිරි ධනපතියන් බංග වේවා”

    මේකත් මාක්සවාදී අතරමං ජන ප්‍රජාව වෙනුවෙන්: රතු කමිසය

  11. සුජීව සහ චමීර, මුන්ගෙ ගොන් ආතල් එක ගැන සවිස්තරාත්මක එකක් ලියාගෙන යන ගමන්. තව ටික දවසක් කල් දීපන්, අහන්න ඕන තැන් වලින් අහල සියලු විස්තර සපයල දෙන්නං. පුලුවන් වුනොත් අංකත් එක්කම.

    එකම තැනින් වෙනස් ඊමේල් දාගෙන පිස්සු ටෝක් දෙන මල්ලි, උඹ එහෙම කරන්නෙ උඹලට මාර සිරා පිරිස් බලයක් ඉන්නව කියල පෙන්නන්නද? නැත්තං උඹට සිරාවට මල්ටිපල් පර්සනැලිටියක් වැදිලද? පොඩ්ඩක් ඉවසපන්. මහා සමයම සවිස්තරාත්මකව මේ බ්ලොග් පඩංගුවෙ දාන්නං.

    • @චමිල

      “එකම තැනින් වෙනස් ඊමේල් දාගෙන පිස්සු ටෝක් දෙන මල්ලි”

      මචං මේක හැම එකාම තමන් කැමති නැති කොමෙන්ට් වැටෙනකොට කියන බයිලාවක් නේද?
      උඹ හිතන් ඉන්නේ බ්ලොග් එකක මොනවහරි කුරුටු ගාන එක යුද්ධ කරනවා වගේ වැඩක් කියලද?

      උඹ ගැන පවු කියල හිතෙනවා මචන්,

      උඹේ මේ යුද්දේ දිනුව කියල උඹට හිතිච්ච දවසකට මට කියපන් අපි පාර්ටියක් දාමු.

      (පොඩ්ඩක් කලින් කියහන් සැහෙන දුරක් එන්න තියනවා, මේ එක නෙමෙයි උඹ මම කොමෙට් දාන තැනත හොයාගත්තද මචං, යකෝ උඹ මාර සීරියස් හිතනවනේ බන්, ඕව ගැන හිත හිත නිදිමරන්න එපා හොදට නිදා ගනින්)

      • අයියෝ බං කලබල වෙන්ඩ එපා. උඹට නෙමෙයි කිව්වෙ. ඕක කියපු මල්ලියි මායි දන්නව මොකද්ද වෙන්නෙ කියල. අයිපී ඇඩ්‍රස් අරව මේව අදින එක එච්චරම මගෙ සිරිත නෙමෙයි. ඒත් ඩෙඟා නටන උන්දැලට පොඩි අවවාදයක් දුන්නෙ. ඒකම ඊමේල් එකකින් ආවට කමක් නෑ කියල.

        උඹ දාන තැන හොයා ගත්ත. ඒ අර මල්ටිපල් පර්සනැලිටි මල්ලියි උඹයි එකම එකාද බලන්න (පුදුමෙකට වගේ දෙන්නම එකම බයිල ගහන්නෙ). ඒත් බය වෙන්න එපා. එහෙම දේවල් අදින්න යන්නෙ නෑ දැන්මම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *