උන්ගේ හැදියාව සහ අපේ හැදියාව

අපේ රටේ මැතිවරණයක් කියන්නේ අඩුම ගානේ එක් මරණයක්වත් සිදු වෙන කාලයක්. සාර්ථක මැතිවරණයක් කියන්නේ පහක් හයක් විතර මැරිලා බේරුණොත්. දහය විස්ස විතර පරාසය ටිකක් ප්‍රචණ්ඩයි. එයින් එහාට ප්‍රචණ්ඩකාරී මැතිවරණයක්.michael-moore_3

නිකන් හිතලා බලන්න වෙන පක්ෂයක රැළියක් අස්සට ගිහින් කතා කරන අපේක්ෂකයාට ප්‍රසිද්ධියේ කෑ ගහලා බැනලා අනිත් පක්ෂෙට ජය වේවා කියලා ආයේ පණ පිටින් එළියට එන්න පුලුවන් ද? ඒ තියා අසූ ගණන් වල තරුණ සම්මාන උත්සවයකදී ඇමති කෙනෙක්ගේ යාළුවෙක් අතින් සම්මාන ගන්න බෑ කියලා එළියට බහින පුද්ගලයා ගේ ඡායා රූප ගත්තා කියල ඡායාරූප ශිල්පියාට සිහි නැති වෙනකම් ගහලා තියෙනවා. ඒ අපේ අතීතෙ. වර්තමානයට හොඳම උදාහරණයක් තමයි නන්දන බාලගේ. රටේ තියෙන හැම මැතිවරණයකදිම ප්‍රචණ්ඩ ක්‍රියා වලින් කවුරු හරි මැරෙන එක අනිවාර්යයි.

මේ තත්වයට ප්‍රධාන හේතුව තමයි අන්මත ඉවසන්න බැරිකම. මේ ගහ මරාගන්න අයට නෙමෙයි. ඒ අයගේ නායකයොන්ට. ගහමරාගන්න අය (implementation level) දන්න මතයක් නෑ. ඒ අය වැඩ කරන්නෙ සල්ලි සහ අරක්කු වලට.

ආයේ බලමු. වෙනත් පක්ෂයක මැතිවරණ රැළියක් මැදට ගිහින් අපේක්ෂකයාට බැනලා අනිත් පක්ෂේ බැනර් උස්සලා එන්න පුලුවන් ද ශ්‍රී ලංකාවේ?

මයිකල් මුවර් කියන්නේ ඇමෙරිකාවේ ජීවත් වන වාර්තාමය චිත්‍රපටිකරුවෙක්. මොහු වැඩිපුරම ප්‍රසිද්ධ වාමාංශිකයෙක් විදියට. ඇමෙරිකාවේ පවතින පද්ධතියේ (ඒ අනුව වෙනත් රටවලත්-අපේ රටෙත් ඇතුලුව- අනුගමනය කරන පද්ධතියේ)  වැරදි වලට පන්න පන්න පහර දෙන පුද්ගලයෙක්. ඇමෙරිකාවේ සෞඛ්‍ය සේවය (Sicko), තුවක්කු මානසිකත්වය (Bowling for Columbine), 9/11 සිද්ධිය හා ඊට පසු සිදුවූ ආක්‍රමණ වල සත්‍යතාවය (Fahrenheit 9/11) ඔහුගේ ප්‍රසිද්ධ වාර්තාමය චිත්‍රපටි. වාමාංශිකයෙකු වුනත් සංකීර්ණ දේශපාලන න්‍යාය වලින් කතා නොකර සාමාන්‍ය ජනතාවට දැනෙන භාෂාවකින් කතා කිරීමට ඔහුට හැකියි. මේ නිසා රජයට ඔහු මහත් හිසරදයකුත් මහජනතාවට ඔහු වීරයෙකුත් වෙලා ඉවරයි.

දැන් අපි බලමු ඒ වගේ පුද්ගලයෙක් ලංකාවේ ජීවත් වුවොත් ඔහුට සිදුවන දේ ගැන. මුලින් දේශද්‍රොහී කිරීමත් ඊට පසු තර්ජන ගර්ජනත් ඊට පසු උස්සගෙන ගිහින් ආපහු ගෙනත් දැමීමත් ඒත් අහන්‍නේ නැත්තන් උස්සගෙන ගිහින් ආයේ ගෙනත් නොදැමීමත්. මේ පිළිවෙළට සිදුවිය හැකි සිද්ධි දාමයන්.

මම කතා කරන්නේ යන්නේ ඒ ගැන නෙමෙයි. මේ ඔහුගේ තවත් වාර්තාමය චිත්‍රපටියක දැකපු සිද්ධියක්. ඔහුගේ Slacker Uprising යන චිත්‍රපටිය 2004දී ඔහු දියත් කල බුෂ් නැවත ජනාධිපති වීම වැලැක්වීමේ ව්‍යපාරය ගැන චිත්‍රපටියක්. ඉරාක, ඇෆ්ගනිස්ථාන යුද්ධ ගැන සත්‍ය හෙළී කරාට පසු බුෂ් වැනි අයෙකු තවත් ධවල මන්දිරයේ තියා ගන්න ඕනේ නෑ කියලා තමයි ඔහු වැඩේට බහින්නේ. මෙහිදී ප්‍රධාන තරඟකරු වන ජෝන් කෙරී ට සහාය දැක්වෙනවා.ඒ නිසා ජෝන් කෙරී ආධාරකරුවනුත් මොහුට එකතු වෙනවා.

එම ව්‍යාපාරයේ එක් රැස්වීමක් ආරම්භයේදී බුෂ් ආධාරකරුවන් පිරිසක් රිපබ්ලිකන් බැනර් උස්සාගෙන මුවර්ට හා කෙරීට අපහාස කරමින් ඌරු ජුවල් නටනවා. ඉන්පසු තවත් කණ්ඩායමක් මුවර් “සාතන්” ලෙස සලකා ඔහුව එතනින් පැන්නීමට මැතිරීමක් ද කරනවා (ක්‍රිස්තියානි සමාජය තුල එය මහත් අපහාසයක් විය යුතුයි).

මේ සියලු දෙයට මුවර් දෙන පිළිතුර මෙයයි.

“පළමුවෙන්ම අප‍ගේ රිපබ්ලිකන් සහෝදර සහොදරියන්ව සාදරයෙන් පිළිගන්නවා. ඔබට සුභ ආරංචියක් මම දෙන්නම්. මම පොරොන්දු වෙනවා, ඔබ පසුගිය අවුරුදු හතර තුළ සුළුතර ප්‍රජාවන්ට සලකපු ආකාරයට වඩා හොඳ ආකාරයකින් අපි බලයට ආ පසු සලකන බවට.  ”

“ජේසු තුමන් කුමක් මතට බෝම්බ හෙළයිද? (What would Jesus bomb?)”

මේ ආකාරයේ ප්‍රතිචාර ලබාදීමෙන් පසුව විරුද්ධවාදීන් එකිනෙකා අත් අල්ලාගෙන පිටව යනවා. කිසිම කෙනෙකු අතින් වචනයක්වත් එල්ල වෙන්නේ නෑ.

දැන් අපි පොඩි සන්සන්දනයක් කරමු. ලංකාවේ ඔහොම වුනානම් මොනවා වෙයිද?

සන්සන්දනය ඔබට බාරයි.

4 thoughts on “උන්ගේ හැදියාව සහ අපේ හැදියාව

  1. උත්තර නැත!

    දේශප්‍රේමිත්වයට වෙනස් අර්ථයක් තිබිම, ආමිස පුජාවට තරම් ප්‍රතිපත්ති පුජාවක් නැති වීම, කැපි පෙනිමේ ආශාව, මාධ්‍ය හා දේශපාල ගොයියන් විශ්වාස කිරිමත් ඒ හා අනුරෑප වීමත් වෙන්න ඇති එක්කෝ.

    විරැද්ධවාදි උපහාස වවලට බණින්නයි පක්ෂවාදි උපහාස වලට අත්පොලසන් දෙන්නයි…අනේ මන්දා අපේ මිනිස්සුගේ හැටි වෙන්න ඇති.

  2. ඇත්තටම හොද සටහනක්. ඒත් ගැටළුව කී දෙනෙක් මේක තේරුම් ගනීද කියන එකයි.විශේෂයෙන් නිදහස්ව සිතිමට හා ක්‍රියාකිරීමට සමාජමය පෙළඹුමක් නැහැ මෙන්ම අන්අයගේ අයිතියද නොපිළිගැනීම මීට හේතුව ලෙසයි මට පේන්නේ. විශේෂයෙන් නැවතත් මෙය වැඩවසම් ආකෘතියේ ඉතිරිව ඇති ලක්ෂන බවයි අවසාන වශයෙන් දැක ගත හැකි වන්නේ.

  3. “මෙය වැඩවසම් ආකෘතියේ ඉතිරිව ඇති ලක්ෂන”
    සම්පූර්ණයෙන් එකඟ වෙනවා මෙම කතාවට. අර කවුද කිව්වා වගේ මහින්ද ජනාධිපතිට වඩා මහින්ද රජ්ජුරුවෝ කියන එකට මිනිස්සු තාම කැමතියි.

    විරුද්ධ දෙයකට ආයුද වන වන ගහන්න පනින්නේ නොදියුණු ගෝත්‍ර.

  4. මැදහත් විචාරකයන් යයි ලංකාවේ කියා ගන්නා උන් සිදුකරනේ තානාපති කාර්යාල වල ඉදුල් කමින් කුලියට කැහීමයි. එනිසා මෙබදු මැදහත් විචාරකයින් අප රටේ බිහිවන්නේ නැත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *