Root සර්වර් 13ක් ඇයි?

DNS ධුරාවලික ආකෘතියේ පලවෙනි මට්ටමේ තියෙන්නේ Root සර්වර්. මුලු ආකෘතියම රඳා පවතින්නේ මේ සර්වර් 13 මත. ඇයි සර්වර් 15ක් හරි 12ක් හරි නොවී 13ක් වුනේ?

DNS query එකක් යැවෙන්නේ UDP හරහා. මේ ප්‍රොටෝකෝලයට අනුව එක් පැකට් එකක් (UDP වලදි පැකට් එකක් හඳුන්වන්නේ Datagram එකක් ලෙසට) බයිට් 512ට වඩා වැඩි වෙන්න බැහැ.

ඊළඟ සැලකිය යුතු කාරණයෙ වෙන්නේ DNS සේවාවේ ගුණාත්මක භාවය. අපි යවන DNS query එක දිග වැඩි වුනොත් error correction වගේ ගොඩක් ක්‍රියාවලින් සිදු කරන්න වෙනවා සැලකිය යුතු මට්ටමේ සේවාවකට. ඒක නිසා මුල් කාලයේදී ගත්ත එක තීරණයක් වුනේ DNS query එකක් එක datagram එකකට වඩා දිග වෙන්න බෑ කියලා.

IPv4 යටතේ (මේ යටතේ IP address එකක් බිට් 32ක ඉඩක් ගන්නවා. උදා : 10.16.108.25) මේ එක datagram එකක් තුලට ඔබ්බවන්න පුලුවන් IP address ප්‍රමාණය වුනේ 13. එතකොට බයිට් 450ට වඩා අඩු ගණනකට එනවා. 512න් ඉතුරු ඉඩ ප්‍රොටෝකෝලයේ අනෙකුත් දත්ත තැන්පත් කරන්න අවශ්‍ය වෙනවා.

මේ හේතුව නිසා තමයි මුලදී Root සර්වර් 13කට එකඟතාවයක් ඇති වෙලා තියෙන්නේ. නමුත් අනාගතයේදී (විශේෂයෙන් IPv6  සම්මත වලදී) මේ ගණන වෙනස් වෙන්න පුලුවන්.

සැලකිය යුතු අනෙක් කාරණය වෙන්නේ භෞතිකව සර්වර් 13ට වඩා තිබීම. IP address 13 යටතේ සර්වර 200කට ආසන්න ප්‍රමාණයක් ලොව පුරාම විසිරිලා තියෙනවා. මේ නිසා වඩාත් ගුණාත්මක වගේම විශ්වාසනීය සේවාවක් සපයන්න මේ සර්වර් වලට පුලුවන්.

එකම IP address එක යටතේ වෙන වෙනස් භෞතික සර්වර් තියෙන්නේ anycast කියන තාක්ෂණය භාවිතා කරලා. මේ යටතේ IP address එකක් සඳහා request එකක් යැවූ විට ඒ සඳහා ළඟම තියෙන භෞතික සර්වරය තෝරාගෙන ඒකට යොමු කෙරෙනවා. මේ නිසා සර්වරයට සිදු කල යුතු වැඩ ප්‍රමාණය ලොව වටාම බෙදා හරින්න පුලුවන් වෙලා තියෙනවා.

7 thoughts on “Root සර්වර් 13ක් ඇයි?

  1. The Limit is incurred not by UDP.
    The reason to limit DNS paket to 512bytes is MTU
    The known smallest MTU is 576.

    To allow for IP header + possible extensions DNS packet limited to 512 . So it is universally guranteed , DNS packets are never fragmented .

Return Fire!