මීට, අශීලාචාර ආදරවන්තයා

මම ලියන්න පටන් අරගෙන හිත හිස් වෙනකන් ලියාගෙන යනවා.. අරූට එහෙම කිව්වට ඒක ලේසි නැහැ.

හිතේ තියෙන දේ ලියන්නෙ කොහොමද?

කුණු බාල්දියෙත් කොල පිරිල. පොතෙන් තව කැඩුවොත් මට ඔයාට එවන්න වෙන්නේ ධර්මෙගේ සටහන් ටිකකුත් එක්ක තමයි.

ආදරේ… ආදරේ…ද්‍රෝහියා.. ආදරේ.. ආදරේ… ආදරේ… ගිනිගන්න ආදරේ..ආයෙත් ආදරේ… ආදරේ..

මේ මගේ හිතේ දැන් පෙන්වන නාට්‍යය. ආදරේ ඇතුලේ ගිනිගෙන දැවෙන ආදරයක් කරන ද්‍රෝහියෙක් ගැන ආදරණීය නොවන කතාවක්. රාජ්‍ය සම්මාන ලැබෙන්නේ නැහැ තමයි. චාරයක් නැති කතා වලට රාජ්‍ය සම්මාන දෙන එක නවත්තලලු. ඒකටත් පෙලපාලියක් යන්න ඕනෙ.

අපි හැමදේටම පෙලපාලි යන්න ඕනෙ. නිදහසේ පෙලපාලි යන්න ඕනෙ. මම එතකොට පෙලපාලි යනවා නිදහසේ ආදරය කරන්න ඉඩ දියව්! කියල. ආදරේ චාරය වහා තහනම් කරව්! කියල. මගේ ආදරේට චාරයක් නැහැ. ඔයාට චාරයක් තියෙනකම් ඔයා මට ආදරේ කරන්නෙත් නැහැ.

අද ටිකක් හිස බමණ නිසාද මන්ද කොලෙන් බාගයක් විකාර ලියල නාස්ති කලා. ඒත් එහෙම පෙලපාලියක් ගියොත් ඔයත් මාත් එක්ක එකතු වෙනවද ආදරේ චාරය නැති කරන්න? ඒක මට දැනගත්තොත් ලොකු දෙයක්. මට පුලුවන් පෝස්ටර් ඉඳන් ලියන්න. ඔයා මාත් එක්ක එනවද කියන්න පෙලපාලියට?

ඉඩ මදි වේගෙන එන්නේ. මට කියන්න තියෙන්නේ මෙච්චරයි.

මම ආදරේ ඔයාට. වෙන කාටවත් නෙවෙයි.

මීට,

අශිලාචාර ආදරවන්තයා

(මිතුරෙක් ආශ්‍රයෙන් යතුරු කරන ලදී)

12 thoughts on “මීට, අශීලාචාර ආදරවන්තයා

  1. @චමිල: තවත් චමිල කෙනෙක් :) ස්තුතියි මචං ප්‍රතිචාරයට
    @කේෂාන්: ප්‍රතිචාරයට ස්තුතියි ලොක්කා.

  2. Pingback: Feeding the Monkey | එහිතට ඇමතුවෙමි